Colombo Today Local News

පාසල්, පන්සල් අසලම අරක්කු විකිණීමට රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

මත්පැන් අලෙවි කිරීමේ හා එම ස්ථානයේදී පානය කිරීමට හැකිවන අයුරින් බලපත්‍රයක් ලබාදීමේදී එම ස්ථානය ආසන්නයේ පාසලක් හෝ ආගමික ස්ථානයක් ඇත්නම් ඒ අතර පැවතිය යුතු දුර මීටර් 100ක් දක්වා අඩු කිරීමට අදාළව නිර්දේශයක් ඇතුළත් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

අදාළ නිර්දේශ මගින් මත්පැන් පානය කරන හා අලෙවි කරන ස්ථානයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී දැනට පවතින මීටර් 500 දුර මීටර් 100 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.

පෙරේදා (04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට මුදල් අමාත්‍යාංශය විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

දැනට පවතින එම මීටර් 500ක දුර උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන ස්ථාන 43ක් පමණ දැනට පවතින බවද වාර්තා වේ.

Related posts

දැඩි සුළඟින් විදුලිය බිඳවැටීම් දාහතර දහසක්

Admin

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයි

colombotoday

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

නව පත්වීම ලැබූ අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට එයි

Admin

ජවිපෙ සහ පෙරටුගාමීන් හාල් රු 1000 ට ගියත් කතා කරන්නේ නෑ.- ඔවුන් අතර ඩීල් එකක් තියෙනවා.

colombotoday