Colombo Today Local News

කින්නියා ‘අල් ඉර්ෂාන්‘ විද්‍යාලයේ ළිඳක තිබී බුදු පිළිම සොයා ගනී

කින්නියා පොලිස්‌ බල ප්‍රදේශයේ අල්වා නගර් අල් ඉර්ෂාන් විද්‍යාලයේ ළිඳක තිබී පෞරාණික පිළිම කීපයක්‌ පෙරේදා (3 දා) ත්‍රිකුණාමලය කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

බුදු පිළිමයක්‌, සීවලී පිළිමයක්‌, ඇත්රූපයක්‌, ගව පිළිම දෙකක්‌ හා කඩුවක්‌ මේ ගොඩගත් භාණ්‌ඩ අතර වේ. මේවායේ කාලය නිර්ණය කිරීම සඳහා භාණ්‌ඩ සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කරන බව පොලිසිය සඳහන් කරයි.

ළිඳ ඉසීමට යැමේදී මෙම භාණ්‌ඩ හමුවී ඇත. පිළිම හමුවීම පිළිබඳව ත්‍රිකුණාමලය කොට්‌ඨාස භාර ජ්‍යෙ. පො.අධිකාරි ජගත් චන්ද්‍රකුමාර මහතාට විදුහල්පතිවරයා විසින් දැනුම්දීමෙන් පසු පොලිසිය පැමිණ භාණ්‌ඩ ගොඩගෙන ඇත.

Related posts

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday

කුමාර් හිරේ දැම්මාට පෙරටුගාමින් පාස්පෝට් කන්තෝරුව වටලති.. පොලීසියෙන් ගුටි !

colombotoday

ෆෙඩරල් ඉල්ලු විග්නේශ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

හිටපු ඇමති මාළු අමුවෙන් කයි

colombotoday