Colombo Today Local News

ආර්ථිකය ගොඩ ගන්න ඇමරිකානු සමාගමක් ගෙන්වයි.. ඩොලර් මිලියන 3ක් ගෙවන්න කැබිනට් අනුමැතිය

ආර්ථිකයට සම්බන්ධ කටයුතු සඳහා උපදෙස් ගැනීමට අමෙරිකානු සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් දීමට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අමෙරිකානු සමාගමක් වන මැකෙන්සි සමාගමට මෙම මුදල දීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත. මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා උපදෙස් ගැනීම වෙනුවෙන් මෙම මුදල ගෙවීමට නියමිතව ඇත.

ඒකපුද්ගල ආදායම, පුද්ගලික අංශයේ රැකියා, දේශීය සහ විදේශීය ආයෝජන, අපනයන, ආණ්ඩුවේ ආදායම යන ක්ෂේත්‍ර පහ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා මෙම මුදල අමෙරිකානු සමාගමට ලබාදීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ළගදීම

colombotoday

75 වන ජන්ම දිනයත්, උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ සිහිකරන මහරගම ධම්මසිරි නාහිමියෝ

Admin

අපි ලස්සන කළ කොළඹ දැන් ජරාවාස වෙලා.. අපේ ව්‍යාපෘති නවත්තලා, දැන් චීනය පස්සෙ දුවනවා

colombotoday

මහජන ආරක්ෂක ඇමතිටත් එරෙහිව විශ්වාසභංගයක් ?

Admin

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday