Colombo Today Local News

රැවුල වැවීම තහනම්, මුහුණ වැසීම තහනම්.. චීනය මුස්ලිම් අන්තවාදයට බැට දෙයි

වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදය මැඩලීම සදහා නව නීති පද්ධතියක් හදුන්වාදීමට චීන රජය කටයුතු කර තිබේ.

චීනයේ බහුතර මුස්ලිම් ප්‍රජාවක් ජීවත්වන ෂින්ජියාන්ග් පළාත තුළ පසුගිය කාලය පුරාවටම අන්තවාදී මුස්ලිම් නැගිටීම් දක්නට ලැබුණු අතර එනිසාම විවිධ ගැටුම් හා බෝම්බ පිපිරීම්ද වාර්තා විය. එය චීනයේ ස්වෛරීත්වයට අනතුරක් බවයි චීන රජය අවධාරණය කරන්නේ.

ඉස්ලාම් අන්තවාදීන් මෙම මිලේච්ඡ ක්‍රියාවන් පසුපස සිටින බවට චෝදනා කරන චීන රජය අන්තවාදී හිස එසවීම්වලට තව දුරටත් ඉඩ නොතබන බවද අවධාරණය කර තිබේ.

ඒ අනුව එහි මුළික පියවර ලෙස අනව්‍ය පරිදි දිගටි රැවුල් වැවීම, පොදු ස්ථානවලදී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන ඇදුම් ඇදීම තහනම් කිරීම සහ මුස්ලිම් පිරිස් විසින් රජයේ රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නව නීති සම්පාදනය කර තිබේ.

Related posts

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday

“සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් ධාවනය නතර කරනවා” – ගැමුණු විජේරත්න කියයි

colombotoday

පාසල් දරුවන් මත් කරන්න ගෙනා මත්දුම් කුඩු කුප්පි 70000ක් රේගුවෙන් පන්නයි !

colombotoday

අඹ ගෙඩියක් කෑ ගැබිනි මවක් මියගිහින්

Admin

“බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන්ව එල්ලන්න ඕනෑ’ – රන්ජන්

colombotoday

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

Admin