Colombo Today Local News

හාල් ටිකත් අරක්කු පෙරන්න දීලා.. මත්පැන් හිඟය පියවීමට බදු සහන දුන් එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මතට තිත ජාතික වැඩපිළිවෙළට පටහැනිව මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා බදු සහන ලබා දී ඇතැයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

මේ වන විට නැගෙනහිර පළාතේ මත්පැන් නිෂ්පාදනාගාරයක්‌ සඳහා බදු සහන ලබාදීමට රජය කටයුතු කර ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

කල්කුඩාහි යෝජිත මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට ප්‍රදේශයේ ආගමික නායකයන් ඇතුළු ජනතාව දැඩි විරුද්ධත්වයක්‌ පළ කර ඇතැයි ද, ඔවුන් සමග ජාතික හෙළ උරුමය එක්‌වන බව ද ඔහු සඳහන් කළේය.

එසේම රට තුළ පැවති සහල් අතිරික්‌තය මත්පැන් නිෂ්පාදනයට ලබාදී ඇති බවට සැකයක්‌ මතුවන බවද හෙතෙම පැවසී ය

නැගෙනහිර පළාතට අඩුපාඩුවක්‌ව තිබූ හා රටේ මත්පැන් හිඟය පියවීම සඳහා බදු සහන ලබාදුන් එකම රජය වත්මන් රජය බව ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩිරදුටත් පැවසීය

Related posts

මැතිවරණ කොමිසමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

colombotoday

රනිල්ගේ තීරණයට මුදල් ලේකම් එරෙහි වෙයි

Admin

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

හොර රහසේ තරුණියන්ගේ කොණ්ඩ කපා එකතු කල අයෙක් කොටු

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday