Colombo Today Local News

සුදු නිළ ඇදුමට ආයුබෝවන්… පාසල් සිසුන්ට පාට පාට නිළ ඇදුම් !

සුදු පැහැති නිල ඇදුම් වෙනුවනට පාසල් සිසුන්ට වර්ණවත් ඇදුම් හදුන්වාදීමට සැලසුම් සකස් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ලෝකයේ සුදු ඇදුම් පමණක් අදින්නේ ලංකාවේ පාසල්වල පමණක් බව පවසන අමාත්‍යවරයා, අලුතින් සිතා පාට 04ක් හෝ 05ක් සහිත නිල ඇදුම් හදුන්වා දී සිසුන්ට කැමති වර්ණයෙන් යුතු ඇදුම් තෝරාගැනීමට අවස්ථාව ලබා දෙන බවත්, ඒ සදහා සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

සුදු ඇදුම් ඉක්මනින් කිළිටි වන නිසා ළමුන් ක්‍රීඩා කිරීමට පවා අකමැති බවත්, නිල ඇදුමේ වර්ණය වෙනස් කිරීම සුළු දෙයක් වූවත් එමගින් පවා ක්‍රීඩාවට උත්තේජනයක් ලැබෙන බවට තමන් විශ්වාස කරන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ පෙරේදා (29) කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

Related posts

සජබ සංවිධායකගේ කාර්යාලයේ වෙඩි වැදුණු කතකගේ මළ සිරුරක්

colombotoday

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

සාමාන්‍ය පෙළ අසමත් DIG, මහසෝන් බලකායෙන් මරණ තර්ජන කියා යුරෝපයට පනින්න සුදානම්

colombotoday

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

Admin

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin