Colombo Today Local News

අපි බලයට නාවානම් මහින්ද රට ගිහිල්ලත් හමාරයි.. දැන් බලන්නකො ලෝකෙම අපට ගරු කරනවා

2015 වසරේ දී වත්මන් යහපාලන ආණ්‌ඩුව බිහිනොවුණා නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව ජාත්‍යන්තර ගමන් තහනමක්‌ පැනවීමේ අවදානමක්‌ පැවැති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

විදේශ ඇමැතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (28 දා) සවස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මෙසේ ද කීවේය. “මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට රටවල් 47 ක්‌ සහාය පළකළා. නමුත් 2014 වසරේදී ශ්‍රී ලංකාවට සහාය පළ කළේ රටවල් 12 ක්‌ පමණයි. වත්මන් යහපාලන රජය කෙරෙහි ජාත්‍යන්තරයේ ඇති විශ්වාසය මින් පැහැදිලි වෙනවා.

ශ්‍රී ලංකාව ගෙන යන විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත් නිසා යළි වතාවක් ධවල මන්දිරයේ දොරටුව, ඩවුන්ස්ට්‍රීට්, නව දිල්ලිය, තායිලන්තය, කැන්බරාවල කාර්යාල අපේ නායකයන්ට විවෘත වෙලා තියනවා. ලෝකයේම ගරුත්වය අපට හිමිවෙලා තියනවා“

ල් ගසා මරාදමීමට සිටි සෞදි කත බේරා ගැනීම හා සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් ශ්‍රී ලංකා නෞකාව බේරාගැනීම යන කාරණාවලින් යහපාලන රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ මනාව අවබෝධ කර ගත හැකි බවද සමරවීර මහතා එහිදී පෙන්වා දුන්නේය.

Related posts

වාහන නොවන ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීම ලබන සැප්තැම්බරේ

colombotoday

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

colombotoday

පක්ෂ 12ක නියෝජිතයින් ඇමති විමල්ගේ නිවසට

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

රුවන්පුර අධිවේගි මාර්ගයේ වැඩ අගමැති සුරතින් ඇරඹෙයි

colombotoday

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

colombotoday