Colombo Today Local News

කොටස් වෙළදපොළ ඒකක 6000 සීමාවෙනුත් පහළට ඇද වැටේ.. වෙබ් අඩවියේ දත්ත මකා දැමේ !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාවෙන් මෙපිටට අද දින ගනුදෙනු අතරවාරයේ දී පැමිණියේය.

අද පස්වරු 1.15 ට පමණ මෙලෙස ඒකක හයදහසේ සීමාවෙන් පහළට සියලු කොටස් මිල දර්ශක අගය පැමිණි අතර 2016 මාර්තු 15 දිනෙන් පසු අදාළ මට්ටමට කොටස් වෙළෙඳපොළ ඇද වැටුණු පළමු අවස්ථාව මෙයයි.

 

මේ අතර කොටස් වෙළදපොලේ නිල වෙබ් අඩවියේ පසුගිය වසර 5-10 කාලයක් දක්වා කොටස් මිල හැසිරීම සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට පැවති පහසුකම සීමා කර ඇතැයි කොටස් වෙලදපල ගණුදෙනුකරුවෝ පවසති.

මේ වන විට දැකගත හැකිව ඇත්තේ වසරක කාලයක් සදහා පමණක් වෙනස් වීම් බවද පවසන ඔවුන් මෙමගින් සිදු වන්නේ ගනුදෙනුකරුවන්ට කොටස් වෙලදපල ගැන ඇති විශ්වාසය තවත් බිද වැටීමක් යයිද කියයි.

දෙස් විදෙස් ආයෝජකයින් කොලඹ කොටස් වෙළදපලේ අයෝජනය කිරීමට පෙර විශාල වශයෙන් තොතුරු ලබා ගන්නා හා අධ්‍යනය කරන කොටස් වෙළදපල වෙබ් අඩවිය මගින් මෙසේ තොරතුරු සැගවීම නිසා ආයෝජකයින් තුල දැක ඇතිවන බවද ඔවුන් කියා සිටිති.

Related posts

බැලුම් පුම්බපු කාලෙ ගියා බීමත් රියැදුරන් අල්ලන්න ලංකාවට ගෙනාව අලුත්ම උපකරණය

colombotoday

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර

colombotoday

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday

අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

මධූගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

හැටන් ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා

colombotoday