6 April 2025
Colombo Today Local News

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

ලොව සතුටින්ම සිටින රටවල් අතර 120 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන අතර මෙවර වාර්තාව සැකසීමේදී රටවල් 155ක් සැලකිල්ලට ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම වාර්තාව සකසනු ලබයි. මෙවර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පස්වැනි වරටය. ශ්‍රී ලංකාව ලකුණු 4.440 ලබාගැනීමට හැකිවී තිබේ.

ලකුණු 5.269ක් ලබාගෙන පාකිස්තානය ලොව සතුටින්ම සිටින රටවල් 80 වැනි ස්ථානයට පත්ව ඇත. ලකුණු 4.608ක් ලබාගෙන සිටින බංග්ලාදේශය ලොව සතුටින්ම සිටින රටවල් අතර 110වැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාව ලකුණු 4.315ක් මෙම ලැයිස්තුවේ 122 වැනි ස්ථානයට පත්ව සිටියි.

ලකුණු 7.537ක් ලබාගනිමින් ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත්ව තිබෙන අතර ඩෙන්මාර්කය දෙවැනි තැනටත් අයිස්ලන්තය තෙවැනි තැනටත් පත්ව ඇත. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය හිමිකම් කියයි.

මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානයට පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සතුට කෙමෙන් කෙමෙන් අඩුවන බව ද ‘ලොව සතුටින්ම සිටින රටවල් 2017’ වාර්තාව පෙන්වා දෙයි.

ලකුණු 0 සිට 10 දක්වා ලකුණු දීමක් සිදු කෙරෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට එක්පුද්ගල ආදායම, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, ජීවිතයේ තෝරාගැනීම් කිරීම සඳහා ඇති නිදහස, නිර්ලෝභීබව සහ දූෂණය අවම බව යන සාධක හා නිර්දේශ මත පිහිටා ලකුණු ලබාදීම සිදුකරයි.

Related posts

මුදල් ඇමති වැට් විරෝධී ව්‍යාපාරිකයන් දඩයමේ.. වෙළද සංගම් නිලධාරීන්ගේ වෙළදසැල්වලට සීල් තබයි

colombotoday

ඛනිජ තෙල් ආනයනය කර බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

colombotoday

පක්ෂයේ තීන්දු ගන්නේ සමනළ රෑනක්.. එජාපය සමලිංගිකයන්ගෙන් බේරාගත යුතුයි – හිටපු ඇමති විජේදාස

colombotoday

ජාතියේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතේ සියළු දේශප්‍රේමීන්ට ඥාණසාර හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

නිරෝධායන නීති උල්ලංඝණය කළ 177ක් අත්අඩංගුවට

colombotoday

මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතාට දෙහිවලදී තර්ජන

colombotoday