Colombo Today Local News

යසෝදරාවට පැන්න මහානාම සිසුවා 31 දක්වා රිමාන්ඩ්

කොළඹ යශෝධරාදේවි බාලිකා විද්‍යාලයට තවත් සිසුන් පිරිසක් සමග පැන තිදෙනකුට පහරදී ආරක්ෂක කුටියට හා ප්‍රධාන දොරටුවට හානි කළැයි අත්අඩංගුවට පත් කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ 12 වැනි වසරේ සිසුවා ලබන 31 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය.
යශෝධරා දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනිය කළ පැමිණිල්ලක් මත ගොතටුව පදිංචි එම සිසුවා කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.


කොළඹ මහානාම විදුහලේ සිසුන්, ආදි සිසුන් සහ තවත් පිරිසක් බලහත්කාරයෙන් කොළඹ යශෝධරා බාලිකා විදුහලට කඩා පැනීම නිසා එහි ඉතා උණුසුම් තත්තවයක් ඇතිවිය.

මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක‍්‍රිකට් තරගයට සමගාමීව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු මෙම සිසුන් පිරිස බාලිකා විදුහලට කඩා පැන ඇති අතර එම විදුහලේ ගුරුවරුන් හා දෙමාපියන් පවසන්නේ අදාල සිසුන් පිරිස මත් ගතියකින් සිටිනු දුටු බවයි.

 Like

Related posts

හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප

colombotoday

කොම්පඤ්ඤවීදිය පල්ලියට කඩු ලබාදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

කැන්වසින් ගිය අපේක්ෂකයාගෙන් තරුණියකට බලත්කාරකමක්!

Admin

දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

colombotoday

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

colombotoday

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday