Colombo Today Local News

මගඩිය අස්සේ, අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ නිලධාරීන් 500කට වැඩි පිරිසක් මාරු කරලා

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්ව පැමිණී වර්ෂය තුළ මහ බැංකු නිලධාරීන් හා අංශ ප‍්‍රධානීන් 500 කට වඩා වැඩි පිරිසක් මාරූ කළේ යැයිද මහ බැංකු ඉතිහාසයේ කවරදාකවත් බැංකු නිලධාරීන් හා අංශ ප‍්‍රධානීන් මේ අයුරින් ස්ථාන මාරූකර නැතැයිද බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් එච්.ඒ.කරුණාරත්න මහතා අද (16) පැවසීය.

මේ තත්වය නිසා මහා බැංකු නිලධාරීන් දැඩි නොසන්සුන් තාවයකට පත් වු බවත් ඉන් පසු අංශ ප‍්‍රධානීන් හා නිලධාරීන් කණ්ඩායම් වශයෙන් ගොස් අර්ජුන් මහේන්ද්‍රන් මහතා හමුවී සාකච්ඡා කළේ යැයිද කී එච්. ඒ. කරුණාරත්න මහතා 2015 වසර තුළදී මහා බැංකුවේ අංශ 30 සේවය කළ නිලධාරීන් 34 දෙනෙකු ස්ථාන මාරූ කළේ යැයිද කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කෙරේ. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

Related posts

අරුග්ගොඩ සලිදුගේ කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

colombotoday

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday

හම්බන්තොට අක්කර 15,000ක් එක රටකට දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

colombotoday

අනාගත ශ්‍රීලනිප නායකයා මමයි… මහමැතිවරණයේදී මට විතරක් මනාප දෙන්න – දයාසිරි

colombotoday

පාර්ලිමේන්තුවේදී ලිංගික ප්‍රශ්නයක් ඇදෙයි.. රන්ජන් ලිංගය පෙන්වන්න යයි…

colombotoday