Colombo Today Local News

උතුර – නැගෙනහිර එක් කර, ස්වයං තීරණ අයිතිය ඉල්ලන යෝජනාවක් සම්මත වෙයි !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවන් ක්‍රියාත්මක කරමින් උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ස්වයං තීරණ ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවට වූ යෝජනාවක් උතුරු පළාත් සභාව ඊයේ (14) සම්මත කරන ලදි.

අදාළ යෝජනවා ඉදිරිපත් කර ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් විසින් වන අතර, උතුරු පළාත් සභාව නියෝජනය කරන සිංහල මන්ත්‍රීවරුන් දෙදෙනා සහ පළාත් සභා විපක්ෂ නායක එස්. තවරාජා පමණක් යෝජනාවට විරුද්ධත්වය පලකර ඇත.

ජිනීවා යෝජනාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කල යුතු ආකාරය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ විශේෂ විවාදයක් ඊයේ පැවැත්වී ඇති අතර, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවන් යොදා ගැනීම, දෙමළ ගැටළු වෙනුවෙන් ස්ථීර විසදුමක් ලබා දීම ඇතුළු කාරණා හයක් පිළිබදව මෙම විවාදය පැවැත්වීණි.

Related posts

ජනපති, අගමැති වනජීවී නිලධාරිනිය සමගයි !

colombotoday

ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඥානසාර හිමි බරණැස ඉසිපතනාරාමයේ ධර්ම දේශනා කරති.

colombotoday

රවී අයවැයෙන් ‘සමෘද්ධිය‘ නැති කරයි !.. එස්.බී. ගෙන් නිවේදනයක්

colombotoday

පුංචි ඡන්ද ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත්, අනාගතයක් එකවර වෙනස් කරයි…

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 1.6ක් දිවයිනට

colombotoday