Colombo Today Local News

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

ශ්‍රී ලංකාව තුල පාරිභෝකිකයන් සතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඇතුළත් පොතක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ලෝක පාරිභෝගික දිනය යෙදෙන මාර්තු 15 දින සවස 3ට කොළඔ මහජන පුස්තකාලයේදී එළි දැක්වීමට සැලසුම්කර ඇත.

එහි සභාපති රංජිත් විතානගේ මහතා විසින් රචිත එම ග්‍රන්ථය “පාරිභෝගිය අයිතියට මගක්“ ලෙස නම්කර තිබේ.

ග්‍රන්ථය පිළිබදව අදහස් දක්වන රංජිත් විතානගේ මහතා,

“අප රටේ පාරිභෝගිකයින්හට තම අයිතිවාසිකම් පිළිබදව තිබෙන දැනුම හා අවබෝධය අඩු බව වසර ගණනාවක සිට මෙරට පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මා අත්දැකීමෙන් දන්නා කාරණයකි. අයිතිවාසිකම් පිළිබදව නොදැනුවත් කම නිසා පාරිභෝගිකයා පීඩාවට පත්වනවා පමණක් නොව තම යුතුකම් ඉටුකිරිමද පැහැර හරියි.

අනෙක් අතට පාරිභෝගික අයිතිවාසිකම් පිළිබදව පාරිභෝගිකයා දැනුවත් කිරිම සදහා සිංහල භාෂාවෙන් ලියවුනු පොතපතද නැති තරම්ය. එම අඩුපාඩුව මග හැරිම සදහා ඉතා සරළ බසින් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් හා අද පාරිභෝගිකයා මුහුණ දෙන ගැටලු පිළිබදව හා එම ගැටලුවලට සහනයන් ලබා ගත හැකි ආයතන පිළිබදව හා වසවිස නැති ආහාර පිළිබදව පාරිභෝගිකයා දැනුවත් කිරීමට ග්‍රන්ථයක් මා විසින් රචනා කරන්නට යෙදුනි.“

අන්තර්ගතය

පාරිභොගිකයා යනු කවරෙක්ද?
පාරිභෝගික නීතියේ ඉතිහාසය
පාරිභෝගික අයිතිවාසිකම් බිහිවීම
ශ්‍රි ලංකාවේ පාරිභෝගික නීතිය
ශ්‍රි ලංකාවේ නියාමන ආයතන (පාරිභෝගිකයින් තමන්ට අසාධාරණයක් වූ විට පැමිණිලි ඉදිරිපත් කල හැකි ආයතන)
උදාහරණ
පාරිභෝගික කටයුතු අධිකාරිය
ශ්‍රි ලංකාවේ විදුලි සංදේශණ කොමිෂන් සභාව
ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂම ආදිය..
ගුණාත්මක භාණ්ඩ තෝරා ගන්නේ කෙසේද?
අපි පරිභෝජනය කරනු ලබන වසවිස සහිත ආහාර
පාරිභෝගිකයින්හට වැදගත් වන දුරකතන අංක

Related posts

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin

ජනපති ළඟ අගමැතිගේ ඔත්තුකාරයෙක් !

colombotoday

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

රන්ජන් රාමනායකට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉතිහාස ගත වන නඩුවක් වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියයි

colombotoday

වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනයයි “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනපති ලෝක ප්‍රජාවට අවධාරණය කරයි

colombotoday