Business

මයික්‍රෝ පැන්ඩා ඔටෝමැටික්‌ දැන් වෙළෙඳපොළේ…

මයික්‍රෝ කාර් සමාගම, ශ්‍රී ලාංකීය රථවාහන නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා, තම විජයග්‍රාහී ගමනේ තවත් සුවිශේෂී පියවරක්‌ තබමින්, ඔබ මෙතෙක්‌ නොඉවසිල්ලෙන් බලා සිටි ඔටෝමැටික්‌ ගියර් පද්ධතියෙන් යුත් “මයික්‍රෝ පැන්ඩා” සහ “මයික්‍රෝ පැන්ඩා ක්‍රොස්‌”, ඔබගේ දැඩි ආදරය හා විශ්වාසය දිනා සිටි රථවාහන ද්විත්වය දැන් ඔබ අතට පත් කොට ඇත.
මයික්‍රෝ පැන්ඩා සහ පැන්ඩා ක්‍රොස්‌ රථවාහන යුගලය 2010 වසරේ වෙළඳපොළට හඳුන්වාදුන් මොහොතේ පටන් මේ වනතුරු පාරිභෝගික සිත් සතන් තුළ ගොඩනංවා ඇති විශ්වාසනීයත්වයත් විශේෂයෙන්ම ශක්‌තිමත් නිමාව හා බැඳුනු මගී ආරක්‌ෂාවත් නිසා දිනෙන් දින ජන ප්‍රසාදයට බඳුන් වී ඇත. මෙකී මාදිලි දෙකින් මේ වන විට 20,000 කට අධික රථවාහන ප්‍රමාණයක්‌ අලෙවි වී තිබීම මීට කදිම සාක්‍ෂියකි. මෙම රථවාහන ද්විත්වය කුඩා කාර් වර්ගීකරණයේ උපරිම අංගෝපාංග සපිරි හා උපරිම ආරක්‌ෂාකාරී යන දෙඅංශයෙන්ම ඉදිරියෙන් සිටී.

අලුතින් හඳුන්වා දුන් පැන්ඩා ඔටෝමැටික්‌ සහ පැන්ඩා ක්‍රොස්‌ ඔටෝමැටික්‌ වාහන යුගලයත් මගී ආරක්‌ෂාව පිළිබඳව තම ස්‌ථාවරත්වය තව දුරටත් රැකගන්නා අතරම, කුඩා කාර් වර්ගීකරණයේ ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට මුල්වරට හඳුන්වා දෙන වක්‍රාකාරව කරකවා ගියර් මාරුකරන ස්‌විචය (ROTARING  SHIFT  KNOB) සහ සුක්‌ඛානම පසුපස සවිකර ඇති ලීවර මගින් ගියර් මාරුකිරීම (PEDDLE SHIFT) වැනි නවීන පහසුකම්වලින් සමන්විතයි.

Related posts

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

colombotoday

මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක්

colombotoday

ගිය වසරේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1370 ක්‌

colombotoday

මහබැංකු පොලි අනුපාතය පහළට

colombotoday

Amazon and Alphabet report sales surge this quarter

colombotoday

වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳපලට

colombotoday