Colombo Today Local News

පන්නිපිටිය බෝධිය කපා ඉවත් කිරීම සතියකින් කල් දැමේ

පන්නිපිටිය මල්අරාව හන්දියේ පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ කපා ඉවත් කිරීම සතියකින් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

මාර්ගය පුළුල් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම බෝධිය අද පෙරවරුවේ කපා ඉවත් කිරීමටයි සැලසුම් කර තිබුණේ. ජාතික සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඊට විරෝධය පලකරමින් එම ස්ථානයේ විරෝධතාවක නිරතවිය.

එම ස්ථානයට පැමිණි මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති භාර ඉංජිනේරුවරයා ලිඛිතව පොරොන්දුවක් ලබා දෙමින් පැවසුවේ බෝධිය ඉවත් කිරීමේ කටයුතු සතියකින් කල් දමන බවයි. ඉන්පසු අදාල පාර්ශව සමග සාකච්ඡා කර ඉදිරි තීරණය ගන්න බවද ඔහු දැනුම් දෙනු ලැබීය.

පල්ලි ලගදී ඇදවෙන පාරවල්, බෝධිය ඉදිරියේදී කෙලින් වෙන්නේ ඇයිදැයි එහි සිටි භික්ෂූන් වහන්සේලා නිලධාරීන්ගෙන් විමසා සිටියහ.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1356163177755290/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

Admin

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

colombotoday

“පරාජිත ‍සේනාරත්න කියන්නෙ කප්පං ගත්ත එකෙක්” – ඇවන්ගාඩ් සභාපති හෙළිකරයි (Video)

colombotoday

හෝමාගම උසාවියේ තාප්පෙන් පැන්න රාවණා බලයේ හිමිනමක් – අත්අඩංගුවට ගැනීමට පොලීස් පරීක්ෂණ

colombotoday