ලෝක කාන්තා දිනය අදයි. අදට යෙදෙන 107 වැනි ලෝක කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික උත්සවය අද පෙරවරු 10ට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
‘තුන්කල් දකින්නෝ – සවියෙන් දිනන්නෝ’ තේමාවෙන් පැවැත්වෙන මේ ජාතික උත්සවයට නීතිය’ සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගිවීමට නියමිතය.