Colombo Today Local News

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

බ්‍රිතාන්‍යන් සාර්ථකව පවත්වාගෙන ආ මෙරට වතු වගාව පෝෂණය කිරීමට තරම් සවියක් ඇති පාලනයක් මෙරට බිහිව නැති බවත් මේ වනවිට මෙරට වතුකර්මාන්තය මුළුමනින්ම පරිහානියකට ලක්ව තිබෙන බවත් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය පවසයි.

මෙලෙස වතු වගාව පරිහානියට ලක්ව තිබීම හේතුවෙන් නුදුරු අනාගතයේදී තේ රබර් ආදී වැවිළි ද්‍රව්‍ය විදේශයෙන් අපනයනය කිරීමට සිදුවනු ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ඒ.ප්‍රේමරත්න මහතා කියයි.

ලොව අංක එකේ පැවති ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ කුරුදු වගාවන් මෙලෙස පරිහානියට ලක්ව ඇත්තේ පාලකයින්ගේ දුර්වලතාව නිසා බවත් කම්කරුවන් වෙනුවෙන් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කරන වෘත්තීය සමිති පවා මීට වගකිව යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

ඉකුත් ඔක්තෝබර් මාසයේදී අත්සන් කළ සාමූහික ගිවිසුමෙන් වතුකම්කරුවෙකුගේ වැටුප රුපියල් 110කින් පමණක් වැඩිවී තිබෙන බවත් මේ අනුව කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 730ක් පමණ වූ බවත් ඒ මහතා කියයි.

එවන් වැටුපකින් ජීවත් වීමට නොහැකි නිසා වතු කර්මාන්තය අතහැර වෙනත් රැකියාවන්ට බොහෝ අය යොමුව තිබෙන බවද ප්‍රේමරත්න මහතා පවසයි.

Related posts

සහනාධාර ප්‍රමාණවත් නෑ.. ජනතාව මර දුකේ.. මැති ඇමතීන් ෆේස්බුක් රංගනයේ

colombotoday

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

මහින්ද ඉල්ලා අස්වෙන්නෙත් නැකැත් බලලා – අනුර

colombotoday

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

වියළි කහ තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday