Colombo Today Local News

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයට ස්‌ථිර විසඳුමක්‌ ලෙස බලය විමධ්‍යගත කරන පෙඩරල් විසඳුමක්‌ ලබාදිය යුතු යයි සුළු ජන කොටස්‌ පිළිබඳ කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාව කැබලිවන අයුරින් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතවරියක්‌ මානව හිමිකම් සමුළුව වෙත පෙඩරල් විසඳුමක්‌ දීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කළ මුල් වතාව මෙයයි.

පසුගිය වසරේ ඔක්‌තෝබර් 10 සිට 20 දක්‌වා උතුරේ සංචාරය කළ රීටා අයිසැක්‌ මෙම බරපතළ නිර්දේශය දැන් පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට යොමුකර ඇත.

මේ ගැන මාර්තු 22 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සිය නිගමනය ප්‍රකාශයට පත්කරයි.

මේ හැර ඇය ශ්‍රී ලංකා රජය ඉටුකළ යුතු ඉල්ලීම් යෑයි දක්‌වමින් නිර්දේශ 24 ක්‌ද මානව හිමිකම් සමුළුවට යොමුකර ඇත. මෙයට අමතරව උඩරට වතුකරයේ සියලු පවුල්වලට පර්චස්‌ හත බැගින් ලබාදිය යුතු බවද ඇය නිර්දේශ කර ඇත.

එසේම උතුරේ ක්‍රියාත්මක වන තේසවලාමෙයි නීතිය එලෙසම පවත්වාගෙන යා යුතු බවද රීටා අයිසැක්‌ සඳහන් කර සිටී.

Related posts

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

colombotoday

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

Admin

සජිත්ට හංසයාගෙන් ඇප තියයි !

colombotoday

බෙංගමුවේ හිමි ඇතුළු ජාතික සංවිධාන එකමුතුව ඒකාබද්ධ විපක්ෂයට දෙහි කපති !

colombotoday

අලුත් පොලිස්පතිවරයෙක් ගැන තවම තීරණයක් නෑ

Admin

හිස් ආවරණය නිසා විභාග අක්‍රමිකතා – මුස්ලිම් විභාග අපේක්ෂිකාවන්ට නීති වෙනස් වෙයි !

colombotoday