Colombo Today Local News

රටේ තත්වය බරපතලයි – ලක්ෂ 65ක්‌ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවෙන් – ජනපති

අපේ රටේ සියයට තිහක පමණ ජනතාව බරපතළ ආර්ථික අපහසුතාවන්ට මුහුණදී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සහභාගි වූ තිරසර මූල්‍ය පිළිබඳ වැඩමුළුවේ සමාරම්භක උළෙලේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේදී ඊයේ (28 වැනිදා) පැවැති තිරසර මූල්‍ය පිළිබඳ වැඩමුළුවේ සමාරම්භක උළෙල ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ තිරසර බැංකු ජාලය එක්‌ව සංවිධානය කර තිබිණි.

එම දුගී ජනතාව නඟාසිටුවීම වෙනුවෙන් 2017 වසර දුගී බව තුරන් කිරීමේ වසර ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබෙන බවත් ඊට අදාළ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා මූල්‍ය ක්‍ෂේත්‍රයේ සියලු දෙනාගේ සහාය අපේක්‍ෂා කරන බවත් ජනාධිපතිවරයා කීය.

ලෝක ආර්ථික අර්බුද හමුවේ අපේ රටට කුමන ආකාරයේ ආර්ථික අභියෝගවලට මුහුණදීමට සිදුවුවත් දිළිඳු ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ඉදිරි සංවර්ධන කාර්යයන්හි මුල්‍ය ප්‍රතිපත්ති හා කළමනාකරණය ඉතා සාර්ථක මඟක ගමන් කළ යුතු බවත් මහ බැංකුව, මූල්‍ය ආයතන, පරිසර අමාත්‍යාංශය සහ පරිසර සංරක්‍ෂණයට අදාළ අනෙකුත් ආයතන සමඟ ඒකාබද්ධ වූ ජාතික වැඩසටහනක්‌ ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී කීවේය.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි, දෙස්‌ විදෙස්‌ මූල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ සහ විද්වත්හු පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති ඇමති සමඟ සාකච්ඡාවක

Admin

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

Admin

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

colombotoday

යාපනය අදත් උණුසුම්.. සරසවි සිසුන් ප්‍රධාන ගේට්ටුව වසා විරෝධතාවයක

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

“මාධ්‍ය නිවේදනය මාගේ පුද්ගලික අදහසක් නොවේ” ජනමාධ්‍ය ලේකම්ගෙන්, ඇමතිගෙන් පරස්පර කතා

colombotoday