World

සිරියාවේ ආරක්ෂක මධ්‍යස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර – 42ක් මරුට

සිරියාවේ හෝම්ස් නගරයේ පිහිටි ආරක්ෂක මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 42 මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 24 දෙනකු තුවාල ලබා තිබේ.

සිරියාවේ රජයේ රූපවාහිනි සේවය වාර්තා කරන ආකාරයට ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනකු සහභාගි වී ඇත.

මියගිය පුද්ගලයන් අතර සිරියානු බුද්ධි අංශ ප්‍රධානියා වන ජෙනරාල් හසන් දාබූල් (Hassan Daabool) ද සිටින බව වාර්තා වේ.

මෙය සිරියාව පවත්වන සාම සාකච්ඡා ක්‍රියාවලියට ප්‍රබල පහරක් වී ඇතැයිද වාර්තා පෙන්වා දෙයි.

Related posts

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

හමුදාව බලය ඇල්ලු මියන්මාරයේ උප ජනාධිපති මයින්ට් ස්වී තාවකාලික ජනාධිපති ලෙස පත් කරයි.

colombotoday

ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

Admin

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරයට විශ්‍රාමික ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කරයි

colombotoday

රුසියානු හමුදාවෙන් රූපවාහිනී කුළුණකට මිසයිල ප්‍රහාරයක්

colombotoday