Colombo Today Local News

දුමින්දට තවත් නඩුවක් වැටෙයි

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා වහා ම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළේ ය.

ඒ, හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර ඇති නඩු තුනකට අදාළවයි.

වසර 3ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරිමේ චෝදනා යටතේ එම නඩු ගොනකර තිබේ.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයක් සැකකරු පරීක්ෂා කර ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව අනුව සැකකාර දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කළ හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව පෙන්වා දී තිබේ.

Related posts

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin

“කොළඹ කුණු රහසිගත තැනකට.. කාටවත් කියන්න බෑ“ – කොළඹ නගර සභාව

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

මීළඟ පැනිල්ල ඇමති දුමින්දගෙන් ?

colombotoday