Colombo Today Local News

විල්පත්තුව වැනසූ ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි

විල්පත්තු රක්ෂිත මායිමේ වනාන්තරවල ජනපදි ඉදිකිරීමෙන් විනාශ වූ ගස් වෙනුවනට විල්පත්තුවේ සිට මන්නාරම දක්වා මාර්ග දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් අද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ ප්‍රධානත්වයෙන් සිලාවතුර මරිච්චිකට්ටි පැරණි මුස්ලීම් දේවස්ථානය අසලින් ආරම්භ කෙරණි.

මන්නාරම සිට පුත්තලම් මාර්ගයේ දෙපස මහෝගනී පැළ ලක්ෂයක් සිටුවීමට නියමිත අතර එහි ප්‍රථම අධියර වශයෙන් ප්‍රථම දිනයේ පැළ 3000 සිටුවීම සිදුකෙරෙන බවයි පැවසෙන්නේ.

බදුර්දීන් ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් විල්පත්තු උතුරු මායිමේ රක්ෂිත වනාන්තර අක්කර 1700කට වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ කර ඇති අතර, ජාතිවාදී ජනපද කලාපයක් එහි ඉදිකර ඇත. මේ වන විටත් එම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සිදු කෙරෙන අතර වන සංහාරය තවමත් සිදු වෙමින් පවතී.

 

Related posts

මන්නාරම, කත්කන්ඩකුලම් විහාරය අල්ලාගෙන කෙසෙල් වගා කරලා – පුරාවිද්‍යා භූමිය විනාසයි. බලධාරීන් නිහඩයි

colombotoday

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday

අගමැති ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනාධිපති නියෝග කරයි

colombotoday

කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !

colombotoday

අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට – ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු තෙල් බෙදන්නේ නැහැ.

colombotoday

කූඩුවේ ඉන්න රන්ජන් ‘ද ගේම්’ බලයි

colombotoday