Colombo Today Local News

සිවිල් ගුවන් අධිකාරිය, කැබිනට් තීරණයටත් උඩින් ගිහින් ලක්ෂ 76ක් ගිලලා.. විගණන වාර්තාව මෙන්න

සිවිල් ගුවන්සේවා අධිකාරිය 2016 වසරේ ආසියානු ශාන්තිකර කලාපීය ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුව ලංකාවේදී පැවැත්වූ අතර මේ සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබුණේ රුපියල් මිලියන 20ක උපරිමයකට යටත්ව වියදම් කිරීමට වුවද කැබිනට් පත්‍රිකාව තුට්ටුවකට මායිම් නොකරමින් අධිකාරී පරිපාලනය සුපුරුදු පරිදි නාස්තිකාර ලෙස අනුමත මුදල් ප්‍රමාණය ඉක්මවා රු.7,653,145ක් වියදම් කොට ඇත.

එහිදී හෝටල් ගාස්තු සඳහා ලක්ෂ 158ක්ද, මාධ්‍ය කටයුතු, වැඩසටහන් සංවිධානය සඳහා ලක්ෂ 75ක්ද, විදේශ අමුත්තන්ට ලංකාව පෙන්වීම වෙනුවෙන් ලක්ෂ 14ක්ද, ප්‍රවාහන පහසුකම් සඳහා ලක්ෂ 25ක්ද, සහභාගිවූ පිරිස් සඳහා සිහිවටන වෙනුවෙන් ලක්ෂ 25ක්ද, මුද්‍රණ වියදම් සඳහා ලක්ෂ 18ක් ලෙස වියදම් කර ඇති බව විගණන වාර්තා මගින් පෙන්වා දී ඇත.

අධිකාරිය විසින් අදාළ සම්මේලනය සඳහා රුපියල් මිලියන 13ක අනුග්‍රහයන් ලබාගන්නා බව පවසා තිබුණත් ලැබී ඇත්තේ මිලියන 06ක් පමණි. එහිදී විගණන දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබූ ලිපිගොනු වෙනුවට වෙනත් ලිපිගොනු ලබාදෙමින් රජයේ විගණන දෙපාර්තමේන්තුව නොමග යැවීමට ගත් උත්සාහයක් පිළිබඳවද ඔවුන් විගණන විමසුම අවසානයේ සඳහන් කොට ඇත.

රජයේ විගණන දෙපාර්තමේන්තුව වෙත කරනලද පැමිණිලි අනුව සිදුකරන ලද විමර්ශන වලදී මෙම කරුණු හෙළිදරව්වී ඇති අතර මේ සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයාටද රජයේ විගණාකාධිපති දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය පියවර ගැනීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කොට ඇත.

ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කැබිනට් තීරණ පවා නොසලකමින් දීර්ඝ කාලයක් තිස්සේ ආයතනයේ පරිපාලන කටයුතු හා මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය රාජ්‍ය ප්‍රථිපත්ති වලට පටහැණිව සිදුරකරමින් සිටින බව අධිකාරී සේවයින් පවසයි.

යහපාලන රජය පත්වූයේ මෙවැනි රජයේ නාස්තිකාර වියදම් අවම කිරීමට වුවත් මෙවැනි වගකීම් විරහිත රාජ්‍ය නිලධාරීන් නිසා පිරිහෙන්නේ යහපාලන රජයම බැවින් මේ සඳහා වහාම මැදිහත්වී නිසි පියවර ගන්නා මෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අධිකාරී සේවකයෝ ඉල්ලති.

රොෂෙල් ඩී සිල්වා

Related posts

ප්‍රාථමික පාසල් යලි ඇරඹීමට සැලසුම්

colombotoday

නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද ලගට යනවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයි

colombotoday

උහන බණ්ඩාරදූව හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි

colombotoday

තවත් මහා පරිමාණ දූෂණ දෙකක් ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

මහනුවරින් ආදර්ශයක්… නගරය පුරා පොස්ටර් ඇලවීම සපුරා තහනම්… පොස්ටර් ඇලවීමට වෙනම දැන්වීම් පුවරුවක් !

colombotoday