Colombo Today Local News

“සිංහලුන් විශ්වාස නෑ.. දෙමළ ජනයාට 13ටත් වැඩි බලතල දිය යුතුයි“ – චන්ද්‍රිකා කියයි

දෙමළ සහ මුස්ලිම් ජනතාවට තම අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් 13 වන ව්‍යස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් උවමනා බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

සිංහලයන් විසින් ගෙනයන ආණ්ඩුවක් ගැන දෙමළ ජනතාවට විශ්වාසයක් නොමැති බවත්, එම නිසා ඔවුන් වැඩි බලතල ලබා දිය යුතු බව පවසන ඇය, 30 වසරක යුද්ධය ඇතිවුණේ 13 වන සංශෝධනයෙන් ලබාදුන් බලතල මදි නිසා බවද කියයි. නව ව්‍යවස්ථාව හරහා 13න් එහා ගිය බලතල දෙමළ ජනතාව ඉල්ලා සිටින බව පවසන ඇය එය ලබා දීමේ කිසිදු වැරැද්දක් නැති බවද අවධාරණය කරයි.

‍කෙසේ වෙතත් 1987 දී ගෙන එනු ලැබූ 13 වන සංශෝධනයට එරෙහිව එවකට රට තුළ දැවැන්ත විරෝධයක් මතුවූ අතර, එය සහ ඉන්දියානු මැදිහත්වීම පාදක කරගෙන ජවිපෙ විසින් ආරම්භ කළ අරගලය හේතුවෙන් ජීවිත දහස් ගණනක් රටට අහිමිවීමට මග පැදිණි. එවක විපක්ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියද 13ට එරෙහිව පිටකොටුවේ බෝධිය යට උපවාසයක්ද පැවැත්වූවාය.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හරහා 13 සංශෝධනයටත් එහා ගිය බලය බෙදීමක් යෝජනා වී ඇති අතර, ව්‍යවස්ථා අනුකමිටු වාර්තා මගින්ද ඒ සදහා නිර්දේශ ඉදිරිපත් වී ඇත. ඉඩම්, පොලිස්, පරිපාලන, මූල්‍ය බලය පළාත් සභාවලට පැවරීමටත්, විධායකයට සහ මධ්‍යම ආණ්ඩුවට පළාත්සභාවලට මැදිහත්වීමට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුයැයි එම නිර්දේශවල දැක්වේ. 13 වැනි සංශෝධනය පවා ක්‍රියාත්මක කිරීම රට තුළ ෆෙඩරල් ව්‍යුහයක් ස්ථාපිත වීමට හේතු වන බවට දේශපාලන විචාරකයක් අනතුරු අගවා සිටින අතර, ඊටත් එහා බලය බෙදීමක් තුළින් රට කැබලි කිහිපයකට කැඩී යෑම අනිවාර්ය වන බවද ඔවුන් පෙන්වා දෙති.

Related posts

මීගමුවේ දැරියක් අතුරුදන් – තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

Admin

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් බිල්ලක්?

Admin

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් කොටුව අධිකරණයට රැගෙන එයි

colombotoday

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්

colombotoday