Colombo Today Local News

හම්බන්තොට වරාය ගිවිසුම ගැන අධිකරණයෙන් තීන්දුවක්.. පෝර්ට් සිටියත් නවතී !!

හම්බන්තොට වරයා චීන සමාගමකට ලබා දීමට විරුද්ධත්වය පළ කරමින් ගොණු කළ නඩුව අවසන් වන තෙක් ගිවිසුමකට එළඹීම නවත්වන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඊයේ (17) නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මේ අතර පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් චීන තානාපතිවරයා පැවසුවේ පෙර දැනුම්දීමකින් තොරව, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය අශ්‍රිතව සිදු කිරීමට නියමිත ආයෝජන කල්දමා ඇති බවයි.

“ඒ තරම් මෙගා ව්‍යාපෘතියක් හිටි අඩියේ නවත්වන්නේ කොහොමද කියා මට හිතා ගන්න බෑ,” යි චීන තානාපති යී ෂියන් ලියන් එහිදී ප්‍රකාශ කළේය.

මාගම්පුර වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම් ලබා ගැනීමට එරෙහිව නීතිමය බාධක මතුවී තිබීම හම්බන්තොට ආයෝජන නැවැත්වීමටද හේතු වී ඇති බවද ඔහු එහිදී පැවසීය. අක්කර පහළොස්දහසකට ආසන්න භුමි භාගයක් වරාය සමගින්ම අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

“අපට වරාය පමණක් ලැබී කර්මාන්ත කලාපය නොලැබුනොත් වරාය ලැබීමේ තේරුම කුමක් ද? ඒ නිසා වරයා පමණක් නොවෙයි කර්මාන්ත කලාපයත් අවශ්‍ය වනවා ” චීන තානාපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

තරුණයෙකුගේ මළසිරුරක් බෝක්කුවක් අසලන් හමු වෙයි

Admin

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

ඥානසාර හිමි නිදහස් කරනු, ඉස්ලාමීය නීති සහ පාසල් තහනම් කරනු. – දකුණු කොරියාවේදී උද්ඝෝෂණ

colombotoday

කොරෝනා රෝගීන් ටික ලංකාවට එව්වා. අපිට බෝම්බයක් ගැහුවා. කුවේට් රාජ්‍යයේ තුට්ටු දෙකේ වැඩේ ගැන මහින්දානන්ද කියයි.

colombotoday

කේරළ ගංජා කිලෝ 104කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday