Colombo Today Local News

“මට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයයි“ ජනමාධ්‍ය ලේකම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයේ තමන්ට සිටිය හැකි වන්නේ තවත් දින කීපයක් පමණක් යැයි හැඟෙන බව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමත්‍යංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා අද (16) පැවසීය.

බෝපගේ මහතා මෙසේ පැවසූයේ රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩභාර ගැනීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

‘රවි ජයවර්ධන මහතා කිව්වා මේ ආයතනයේ කළුකෝට් කාරයෝ වැඩියි කියලා. ඒකට දැන් විසඳුමක් ඇවිත් තිබෙනවා. ඔබ කියවූ නම් අතර නොකියවුණු මේ කළුකෝට් කාරයා තව නොබෝ දිනකින් නික්ම යාමට සූදානම්. තුසිර මැලෙව්වේතන්ත‍්‍රී මහතා මේ ආයතනයේ අධ්‍යක්ෂත ජනරාල් තනතුරට පත්වීම ගැන මා සතුටු වන අතරේ මට තිබෙන දුක එතුමාට අත්වැලක් වන්නට තිබෙන කාලය අඩුවීමයි. මට තවත් ඉතිරිව තිබෙන්නේ දීන කීපයක් පමණක් බව මට හිතෙනවා. ඒ නිසා මේක මට සතුටු දායක වගේම කනගාටුදායක අවස්ථාවක්. ඒක ඇතැමුන්ට සතුටක්ද ඇතැමුන්ට දුකක්ද විය හැකියි. ජීවිතයේ තිබෙන්නේ යෑම් සහ ඒම් පමණක් කියා කියමනක් තිබෙනවා. ඒ නිසා මේකට අපිට මුහුණ දෙන්නම සිදුවෙනවා‘ යැයි ද බෝපගේ මහතා කීවේය.

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ලේකම් නිමල් බෝපගේ මහතා පසුගිය කාලය පුරා සිදුකළ ඇතැම් ප්‍රකාශ දැඩි ආන්දෝලනයකට ලක් වූ ඒවා වූ අතර, ඔහු ගත් ඇතැම් සෘජු තීරණ හේතුවෙන් අගමැතිවරයාගේ වෛරයට පාත්‍රවීමටද ඔහුට සිදුවිය. අගමැති යටතේ පවතින ස්වාධීන රූපවාහිනියේ වැඩිහිටියන්ට පමණයි වැඩසටහන් ප්‍රචාරයට සහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කුලී පදනම මත සුඛෝපභෝගී වාහන ලබාදීමට අගමැති ගත් තීරණයට එරෙහිවීම ඉන් විශේෂ වේ. අනතුරුව ඔහු එම තනතුරෙන් ඉවත් කරන්නැයි අගමැති පාර්ශවයෙන් දැඩි බලපෑමක් එල්ලවී තිබිණි.

ආසන්නතම සිදුවීම වන්නේ ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ලියවිල්ලක් සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයයි. අදාළ ලියවිල්ල අමාත්‍යංශ ලේකම්වරයා වන තමන් වෙනුවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් තබා ඇතැයිද, එහෙත් ඒ පිළිබදව තමන් නොදන්නා බවද බෝපගේ මහතා ප්‍රකාශ කර තිබිණි.

මේ පිළිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් මාධ්‍ය වේදීන් ප්‍රශ්න කර සිටි අතර, එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක සදහන් කළේ, ලේකම්වරයාගේ අනු අත්සන් නොමැතිව කිසිඳු ලියවිල්ලක් තමන් නිකුත් නොකරන බවයි.

ඉදිරි දින කිහිපයේදී ජනමාධ්‍ය ලේකම්වරයා සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බව රාජිත සේනාරත්න මහතාද ඊයේ ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් ඇතැම් පාර්ශව වලින් දැඩි විවේචන එල්ල වුවද, නිමල් බෝපගේ මහතා මෑතදී බිහිවූ සෘජු හා ප්‍රතිපත්තිගරුක රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනා අතරින් අයෙකු යැයි මැදහත් පාර්ශවවල අදහස වී තිබේ.

Related posts

ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

ජවිපෙත් සමග එක්වී සම්මතකරගත් 20 සංශෝධනය රැකගන්න TNA උසාවි යයි

colombotoday

මන්නා පිහියකින් පියාට පහරදෙන්න ආ පුද්ගලයා ව පුතා ඝාතනය කරයි

colombotoday

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

colombotoday

බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

අගමැති ජෝන්ගේ පෙති ගහල වගේ, චන්ඩියා වෙලා.. ජනපති අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියනවා

colombotoday