Colombo Today Local News

“රජයේ විශ්විද්‍යාලවල ඉඩ මදි.. SAITM වැනි ආයතන තව හදනවා“ – සෞඛ්‍ය ඇමති රාජිත

පුද්ගලික අධ්‍යාපන ආයතන බිහිකිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේදි ප්‍රතිපත්තිය බවත්, සයිටම් වැනි පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉදිරියේදී තවත් ඇති කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් පිටවන වෘත්තිකයන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් එවැනි උපාධි පිරිනමන ආයතන බිහිකරන ලෙස දේශීය හා විදේශීය ආයෝජකයන්ට ආරාධනා කර ඇති බව ඇමැතිවරයා පැවසීය.

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දැනට ඇතුළත් කළ හැක්කේ සිසුන් 170ක් පමණක් නිසා එය 500 දක්වා ඉහළ නංවන බවද ඔහු කීය.

Related posts

විමල් ගැන මෙතෙක් නොකී රහසක් බොදු බල සේනාවේ දිලන්ත හෙළිකරයි

colombotoday

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ නිල කාලය දිර්ඝ කරයි

colombotoday

නාකොටික් SI අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

colombotoday

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday