Colombo Today Local News

ජවිපෙ වැලන්ටයින් පෙම් සැණකෙළියේ !!

ජනතා විමුක්ති පෙරමුණේ ‘සමාජවාදී තරුණ සංගමය‘ පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් “ආදරයට මිලක් නැති, දෑවැදි නැති හෙටක්“ යන්න තේමා කරගනිමින් විශේෂ වැඩසටන් කිහිපයක් සංවිධානය කර ඇත.

අද පෙරවරුවේ කොළඹ කොටුවේ අත්පත්‍රිකා බෙදීමකින් සහ වීදි දැක්මකින් අනතුරුව, ප්‍රේමාන්විත දුම්රිය ගමනක් මාතර බලා සංවිධානය කර ඇති අතර, ඉන් අනතුරුව පස්වරු 4.30 සිට මාතර වෙරළ උද්‍යානයේදී සංගීත සැදෑවක් පැවැත්වීමට සංවිධානය කර ඇතැයි සමාජවාදී තරුණ සංගමය සදහන් කරයි.

බටහිර අධිරාජ්‍යවාදයට, බටහිර නාගරික පොෂ් සංස්කෘතියට, ධනවාදයට එරෙහිව ස්ථානගත වූ ජවිපෙ පූර්ණකාලී දේශපාලන දර්ශනය, මේ වන විට බටහිර අධිරාජ්‍යවාදී සංස්කෘතියේම වහලුන් බවට රූපාන්තරණය වීම පිළිඹිමු කෙරෙන කදිම උදාහරණයකි මේ. වැලන්ටයින් දිනය වැනි, බටහිර සංස්කෘතික ව්‍යාප්තවාදයේ සහ ධනවාදයේ මෙවලම් තුල තාරුණ්‍ය මංමුළා කරවීමට අනුග්‍රහය සැපයීමෙන්ම ජවිපෙ අද ඇද වැටී ඇති ආගාධයේ තරම පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් තම යෞවනය පමණක් නොව තම ජිවිතයම පරදුවට තබමින් සටන් වැද ජීවිතවලින් වන්දි ගෙවූ දස දහස් තරුණයින්ගේ ශ්‍රී ලංකා වාතලයට එක්වූ අවසන් සුසුම් පොදහි බලාපොරොත්තුව වුවේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපයද යන්න ගැටලුවකි. ජවිපෙ පූර්ණකාලීන ප්‍රතිපත්ති සදහා තම දෙමව්පියන්ගේ අසරණ පැතුම් සුණු විසුණු කල තාරුණ්‍ය සමාජ සාධාරණත්වය වෙනුවෙන් මර ලතෝනි දෙමින් ප්‍රර්ථනා කලේ මෙවැනි සමාජ සංස්කෘතික කාරණාද යන්න ගැටලුවකි.

“වහල් භාවයෙන් අත්මිදෙන සමාජ ක්‍රමය” ජනතා විමුක්ති පෙරමුණේ හුදු සටන් පාඨයක් පමණක්ම බව ප්‍රත්‍යක්ෂ කරමින් බටහිර සංස්කෘතික ආධිපත්‍ය තුල ජනතා විමුක්ති පෙරමුණ සිය අමුඩය මෙලෙස උනා දමා ඇත.

FB

Related posts

“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්

colombotoday

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ‘දෙවැනි සටන‘ ට සැරසෙයි !

colombotoday

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday

එජාපයේ හිටපු මන්ත්‍රී කසිප්පු පෙරයි

colombotoday