Colombo Today Local News

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

රාජපක්ෂ පාලන සමයේ දී ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාලය සඳහා යැයි කුලියට ගෙන තිබූ සුපිරි නිවසක් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ පරිහරණය සඳහා යොදාගෙන තිබූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබෙන පැමිණිල්ල අනුව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගියදා ඇමරිකාව බලා ගිය නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර හා ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රේමරත්න යන නිලධාරීන් එහි FBI ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබේ.

එවකට ලොස්ඇන්ජලීස් නුවර කොන්සියුලර් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්වරයා ලෙස කටයුතු කළ මල්රාජ් ඩි සිල්වා මහතාගෙන් හා ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සහකරු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක යන අයවලුන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට පොලීසිය බලාපොරොත්තු විය.

මල්රාජ් ඩි සිල්වා මහතාට මෙම පරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණෙන්නැයි කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස කළ ඉල්ලීම ද ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි. ඔහු අමෙරිකානු පුරවැසියකු වන බැවින් අවශ්‍ය නම් තමා පවසන තැනට පැමිණෙන ලෙස කළ දැනුම් දීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් පරීක්ෂකවරයා ඔහු හමුවීම සඳහා අදාළ නවාතැනට ගොස් ඇතත් මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබී නැත. එහි දී එෆ්. බී. අයි. ආයතනය නියෝජනය කරමින් පැමිණි නීතිඥවරු දෙදෙනකු මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කිසිදු අයිතියක් නැති බව පෙන්වා දී ඇත. එහෙත් තමන් පැමිණියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇති නමුත් අපරාධයක් සම්බන්ධයෙන් ඇමරිකානු පුරවැසියකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට නොහැකි බවත් ඒ ඇමරිකානු නීතියට එරෙහි වීමක් බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සිදු වන බවත් දැනුම් දී ඇත.

කෙසේ නමුත් ලැබුණු සුළු අවසරයකින් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් පොලිස් පරීක්ෂකවරයාත් ඒ ක්ෂණයෙන් ම වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බලා ගොස් එදින ම මෙරට පැමිණීමට කටයුතු කොට ඇත. එසේ ම ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් වීමේ අනතුරක් තිබුණු බැවින් විමර්ශන කටයුතු සඳහා මෙරටින් රැගෙන ගිය ලියකියවිලි සහිත ගමන් බෑගය හෝ රැගෙන ඒමෙන් තොරව දිවයිනට පැමිණි බවත් වාර්තා වේ.

– සත්හඬ

Related posts

අලුත් ව්‍යවස්ථාවක් එපා.. රණවිරුවන්ට දඩුවම් කරන පනතත් එපා ! ත්‍රෛනිකායික මහානාහිමිවරු ඒකමතිකව තීරණය කරති

colombotoday

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

“මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බැහැ” – දුමින්ද සිල්වා කියයි

colombotoday

අගමැතිගේ අනුදැනුමෙන් මුදල් ඇමතිගේ අනුමැතියෙන් ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බව බදුර්දීන් පිළිගනී

colombotoday

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

ඊළම දකුණු පළාත දක්වා දිගුවෙයි.. කොටි සමරන්න අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලයි

colombotoday