Colombo Today Local News

වරාය රවීට.. මුදල් අගමැතිට.. ඇමති මාරුව මාර්තුවේ !!

පසුගිය සතියේ 06දා ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතව තිබුණු ඇමැති මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයාත් අගැමතිවරයාත් ඇතුළු පක්ෂ දෙකේ නායකයන්ගේ එකඟත්වයෙන් මාර්තු මාසය දක්වා කල් තබා ඇත.

මාර්තු මාසයේ කෙරෙන සංශෝධනයේ දී මුදල් ඇමැති රවී කරුණානායක මහතාට වරාය හා නාවික අමාත්‍ය ධුරය ලැබෙන්නට බොහෝදුරට නියමිතව ඇති බව දැනගන්නට ලැබේ.

මුදල් අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් වී තිබේ.

එකක් නම් ආචාර්ය සරත් අමුණුගම මුදල් ඇමැතිවරයා ලෙස පත් කිරීමය.

එහෙත්, මුදල් ඇමැති ධුරය එක්සත් ජාතික පක්ෂයට වෙන් කර දුන් ඇමැති ධුරයක් නිසා අගමැතිවරයා යටතට මුදල් විෂය පැවරීමට ද යෝජනා වී ඇත.

එසේ වුවහොත් නියෝජ්‍ය මුදල් ඇමැතිවරයකු යටතේ අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යෑමට යෝජනා වී තිබේ.

දේශීය මෙන්ම විදේශීය මුල්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට කීර්තිනාමයක් දරා සිටින ඉරාන් වික්‍රරත්න මහතා මුදල් නියෝජ්‍ය ඇමැති ධුරයට පත් කළ යුතු යැයි යෝජනා වී ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඇමැති ධුර වෙනස්වී ඔහුට අධිකරණ ඇමැති ධුරය ලැබෙනු ඇතැයි දැනගන්නට තිබේ.

විජේදාස රාජපක්ෂ අර්ජුන රණතුංග හා චන්දිම වීරක්කොඞ් යන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ ද වෙනස් වීමට නියමිතය.

(රාවය)

Related posts

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

Admin

ෂරියා නීතිය අවශ්‍ය අයට වෙනම තැනක්. | ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin

ඉන්දීය අගමැති සහ ජනපති අතර හමුවක්

colombotoday