Colombo Today Local News

පොලීසියෙන් නීතිය අකුරටම.. බදුල්ල නගරයේ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි !

බදුල්ල නගරයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් බදුල්ල පොලීසිය විසින් අද පෙරවරුවේ වටලා තිබෙනවා. එහිදී මුස්ලිම් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාල වැටලීම සිදුකරන අවස්ථාවේ ඝාතනය කිරීමට සූදානම්ව සිටි ගවයන් 05 දෙනෙකුද සොයාගෙන තිබෙනවා.

කලක පටන් ක්‍රියාත්මක වූ මෙම ගව ඝාතකාගාරය ගැන පැමිණිළි කළත්, ගව ඝාතකාගාර හිමිකරුවන්ගේ අල්ලට යටවූ නිලධාරීන් ඔවුන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටි බව ප්‍රදේශවාසීන් චෝදනා එල්ල විණි.

කෙසේ වෙතත්, මෙවර නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින්, නගරයට මහත් හිරිහැරයක්ව තිබුණු මෙම ගවඝාතකාගාරය වැටලීමට කටයුතු කර ඇති අතර, ඒ පිළිබදව බදුල්ල පොලීසියට ස්තූතිය පලකරන බව ප්‍රදේශවාසීන් පවසයි.

[fbvideo link=”https://www.facebook.com/531023203594556/videos/1582204755143057/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරීන්ට එරෙහිව ගන්නට යන දැඩි තීරණය

colombotoday

“මම සාමාන්‍ය පෙළ ලියනකොටත් එජාප නායකයා රනිල් මහත්තයා.. මේක හැමදාම කරන්න බෑ” – හරීන්

colombotoday

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

colombotoday

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

colombotoday

වරායෙන් නිදහස් කර නොගත් හා රේගුවෙන් රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය සතොසට

colombotoday