මහජනයා නොමග යන ආකාරයෙන් අසත්‍ය අනාවැකි පළ කළැයි සැකපිට ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 27 වනදාට පෙර අනිවාර්යෙන්ම මිය යන බවට ඔහු අනාවැකියක් පළකර තිබිණි. කෙසේ වෙතත් ඉකුත් ජනවාරි 24 වනදා ඔහු සිය ෆෙස්බුක් ගිණුම ඔස්සෙ සදහන් කර තිබුණේ සෙනසුරු වක්‍ර වූ බැවින් ජනපතිවරයාගේ මාරක අපලය කල් ගිය බවයි.