Colombo Today Local News

සයිටම් නීත්‍යානුකූලයි.. සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර – අධිකරණයෙන් තීන්දුවක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ලියාපදිංචි වෙන වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ගොනු කළ රීට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව අද (31දා) ලබාදුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, එස්. තුරෙයිරාජා යන මහත්වරුන් මෙම තීන්දුව ලබාදුන් අතර මල්ෂානි සුරවීරආච්චි හා දිලුම් සූරියආරච්චි යන සිසුන් දෙදෙනා මෙම රීට් පෙත්සම ගොනු කරනු ලැබීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමති හා උසස් අධ්‍යාපන ලේකම් යන පුද්ගලයින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

Related posts

දීකිරට බළලුන්ගෙන් සාක්කි.. “චාවකච්චේරි බෝම්බ දකුණේ වැඩක්.. උතුරේ කොහෙද කොටි” – සිවාජිලිංගම්

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

Admin

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව

colombotoday

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

Admin

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday