World

කැනඩාවේ මුස්ලිම් පල්ලියක වෙඩි වරුසාවක්.. ජීවිත හානි

කැනඩාවේ මුස්ලිම් පල්ලියක සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

කැනඩාවේ, කියුබෙක් නගරයේ පිහිටි පල්ලියක මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉරිදා රාත්‍රියේදීය. එම අවස්ථාවේදී, පුද්ගලයන් 40ක් පමණ ඒ තුළ සිටි බව එහි ප්‍රධාන පූජකවරයා පවසා තිබේ.

මෙම පල්ලිය අසල මේ වනවිටත් පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර, වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකාව තුළ ඉස්ලාම් අන්තවාදය ඉවත් කිරීම සඳහා එරටට සරණාගතයන් පැමිණීම වළක්වාලමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග පැනවීමත් සමග කැනඩා ජනපති ජස්ටින් ටෘඩෝ සරණාගත අයිතීන් වෙනුවෙන් අදහස් දැක්වූයේ ඊයේ දිනයේදීය. එවැනි වාතාවරණයක මෙම වෙඩි තැබීම සිදුවීම විශේෂත්වයක් බවද විදෙස් වාර්තා පවසයි.

Related posts

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

colombotoday

පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්

Admin

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ‘නිර් ආගමික‘ මහාචාර්යවරයෙක් කපා කොටා ඝාතනය කරයි

colombotoday

මහාධිකරණ නඩු විභාගයකදී බුර්කාව ගලවන ලෙස විනිසුරු නියෝග කරයි.

colombotoday