Colombo Today Local News

මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

ශ්‍රී ලංකාවෙන් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරු විසින් පිළිගෙන ඇත.

මෙම සංවිධානයේ නියෝජිතයන්ට මානව හිමිකම් සමුළුව ඇමතීමට අවසර ලැබී ඇති බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ලබන පෙබරවාරි 24 දා ආරම්භ වන 34 වැනි මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සඳහා රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ සිව් දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ජිනීවා පැමිණෙන බව ප්‍රකාශ කර ඇත.

මෙම ඊළාම් සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක්‌ ලෙස මානව හිමිකම් කවුන්සිලයේ ලියාපදිංචි කර ඇත.

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සිහින සංවිධානයක්‌ පමණක්බ වට විදේශ ඇමැති මංගල සමරවීර පසුගියදා ප්‍රකාශයක් කර තිබිණි. ඊළාම් ආණ්ඩුව සිහිනයක් පමණක් නොවී යතාර්ථයක් කරගැනීම සදහා ඔවුත් තවත් එක් පියවරක් මෙසේ ඉදිරියට තබා ඇත.

මූලාශ්‍ර දිවයින

Related posts

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin

රන්ජන්, මහින්දාන්නද පාර්ලිමේන්තුවේදී ගුටි ඇණ ගනී.. රන්ජන්ගේ බොරු කොණ්ඩය ගැලවී විසිවෙයි

colombotoday

සජිත් ගේ නායකත්වයෙන් නව සන්ධානයකට විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වෙයි

Admin

තමන් ජාතික ආරක්ෂාවට මුල්තැන නොදුන් බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පාස්කු කොමිසමේ දී පිළිගනී

colombotoday

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත ඇතුළු 5ක් රිමාන්ඩ්

colombotoday

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Admin