Colombo Today Local News

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න කියන්නේ බොරු – කැබිනට් ඇමති මලික් සමරවික්‍රම

හොරණ පිහිටි වගවත්ත කර්මාන්ත කලාපයේ ටයර් නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඇතුළත් පුවත්පත් වාර්තා කිහිපයක්‌ පළවී ඇති බවත් මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ප්‍රකාශයද සාවද්‍ය බවත් හොරණ වගවත්ත කර්මාන්ත කලාපයේ රේඩියල් සහ ඝන ටයර් නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා පිළිබඳව මා විසින්, කල්තබා ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් දැනුවත් කර තිබූ බව අවධාරණය කරනු කැමැත්තෙමි.

තවද, මීට අදාළව එනම් පිළිවෙළින් ඉඩම හඳුනාගැනීම හා ව්‍යාපෘතියට ලබාදෙන සහන හා අනෙකුත් කොන්දේසි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්‌ඩල සංදේශ ඉදිරිපත් කරන ලද අතර මීට අමතරව ආර්ථික කළමනාකරණය සඳහා වු අමාත්‍ය මණ්‌ඩල අනුකමිටු රැස්‌වීම්වල අවස්‌ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර අදාළ අනුමැතීන්ද ලබාදී ඇත.

එම ව්‍යාපෘතිය සඳහා අක්‌කරයක්‌ සඳහා රු. 100 ක මුදලකට භූමිය ලබාදී ඇති බවට සඳහන් ප්‍රකාශය සාවද්‍ය කරුණකි. මෙම භූමිය රජයේ ප්‍රධාන තක්‌සේරුකරු විසින් රු. 170,825,000ට තක්‌සේරු කර තිබූ අතර එම මුදල ආරම්භයේදී එකවර ගෙවීමට ආයෝජකයා විසින් කැමැත්ත පළ කර ඇත. මීට අමතරව ආයෝජකයාගෙන් ඉඩම සඳහා රු.10,000 ක වාර්ෂික ගාස්‌තුවක්‌ අයකර ගැනීමට රජයේ තක්‌සේරුකරු විසින් වැඩිදුරටත් දන්වා ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධ වැඩිදුර තොරතුරු පහත පරිදි වේ.

හොරණ වගවත්ත කර්මාන්ත කලාපයේ පිහිටි අක්‌කර 100 ක්‌ වන ඉඩම සංවර්ධනය නොකළ හිස්‌ ඉඩමක්‌ වන අතර කඳුගැට සහිත ඉඩමකි. මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය විසින් සිදු කරන ලද තාක්‌ෂණික විමර්ශනය පදනම් කර ගෙන ඉඩම පරිහරණය කිරීමේ තත්ත්වයට පත් කිරීම සඳහා ආයෝජකයා හට රු. මිලියන 300-400 ක්‌ පමණ වැය කිරීමට සිදුවන බව ඇස්‌තමේන්තු කර ඇත. මෙහිදී මීටර් 03 ක ඝනකමකින් යුතු දුර්වල පස්‌ ස්‌ථරය මෙම ඉඩමේ අක්‌කර 25 ක ප්‍රමාණයක ඉවත් කළ යුතු බව ආයෝජකයා විසින් ප්‍රකාශ කර සිටී.

අනෙකුත් කර්මාන්ත කලාපවල මෙන් නොව මෙහිදී ආයෝජන මණ්‌ඩලය විසින් මෙම ඉඩමට යටිතල පහසුකම් සපයනු නොලබන අතර අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය පවා අයෝජකයා විසින් ඉදිකළ යුතු වේ. එමෙන්ම සියලුම අභ්‍යන්තර මාර්ග ආයෝජකයා විසින් ඉදිකළ යුතුවේ.

රජයේ ප්‍රධාන තක්‌සේරුකරුගේ තක්‌සේරුව මත රු. මිලියන 170 ක එක්‌වර ගෙවීමේ මුදලක්‌ (ඹචරෙදබඑ ච්හපැබඑ) ආයෝජකයා විසින් ගෙවිය යුතුවේ. ව්‍යාපෘතිය සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක්‌ අවශ්‍ය වන හෙයින්, යටිතල පහසුකම් තමා විසින්ම සපයා ගන්නා පදනම මත රජයේ ප්‍රධාන තක්‌සේරුකරුගේ තක්‌සේරුව මත ඉඩම බද්දට ලබාගැනීමට ආයෝජකයා විසින් ඉල්ලීමක්‌ කරන ලදී. මෙහිදී ව්‍යාපෘතිය මඟින් කෙරෙන ඉහළ ආයෝජන ප්‍රමාණය සහ රබර් කර්මාන්තය සමග බැඳුණු ආර්ථිකයට සිදු කිරීමට අපේක්‌ෂිත ඉහළ දායකත්වය සැලකිල්ලට ගනිමින් ආයෝජකයා විසින් කරන ලද ඉල්ලීමට ඉඩ දෙන ලදී.

ආයෝජන මණ්‌ඩලය විසින් ආයෝජන දිරිමත් කළ යුතු අතර දැනට පවතින රෙගුලාසි මගින් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා අපොහොසත් වී ඇති බැවින් අවශ්‍යතානුකූලව අදාළ රෙගුලාසි හා නීතිරීති සංශෝධනය කිරීම අවශ්‍යතාවයකි. 2015 වර්ෂයේදී රටට ලැබුණු විදේශීය Rජු ආයෝජන ප්‍රමාණය ඇ. ඩො. මිලියන 970 ක්‌ වූ අතර 2016දී එම ප්‍රමාණය ඕනෑම සම්මතයක්‌ යටතේ පවා ඉතා අඩු, ඇ. ඩො. මිලියන 450 ක්‌ පමණක්‌ විය.

මෙම ව්‍යාපෘතියේ සමස්‌ත ආයෝජනය ඇ. ඩො. මිලියන 75 ක්‌ වේ. (රු.බිලියන 11.25). ව්‍යාපෘතිය මගින් රැකියා අවස්‌ථා 3000 ක්‌ සැපයීමට අපේක්‌ෂිතය. මෙමගින් ශ්‍රී ලංකාවේ නිපයෙන රබර් සඳහා අගය එකතු කිරීමක්‌ සිදු කෙරෙන අතර අමු රබර්, රේඩියල් සහ ඝන ටයර් බවට පරිවර්තනය කිරීම සිදු කෙරේ. මෙමගින් අපේක්‌ෂිත වාර්ෂික අපනයන ආදායම ඇ. ඩො. මිලියන 125 කට අධික වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉතාලියානු සමාගමක්‌ වන මරන්ගෝනි සමාගම මගින් ටයර් සහ අනෙකුත් රබර් පදනම් වූ භාණ්‌ඩ නිෂ්පාදනය සඳහා වන තාක්‌ෂණය ලබාගැනීමට අපේක්‌ෂිත බැවින් මෙමගින් රටතුළට නවීන තාක්‌ෂණය පැමිණෙනු ඇත.

ආයෝජන මණ්‌ඩලය සතු ඉඩම් වල පිහිටුවා ඇති මේ හා සමාන ව්‍යපෘති කිහිපයක්‌ සඳහාම එක්‌වර ගෙවිමේ මුදල සහ වාර්ෂික වාරික අය කිරීමකින් තොරව දීර්ඝකාලීන බදු ලබාදී ඇත. උදාහරණ වශයෙන් ඵAS ආයතනය සඳහා අක්‌කර 47 ක ඉඩමක්‌ අවුරුදු 50 ක බදු පදනම යටතේ ලබාදී ඇති අතර ඒ සඳහා එක්‌වර ගෙවීමේ මුදලක්‌ ගැනීමට නියමිත අතර වාර්ෂික වාරික අයකිරීමක්‌ සිදු නොකෙරේ. මෙම ව්‍යපෘතිය පිහිටා ඇති ඉඩම ගොඩනැඟිලි සහිත සියලු යටිතල පහසුකම් වලින් සමන්විත සංවර්ධිත ඉඩමක්‌ වන අතර ආයෝජකයා විසින් අවශ්‍ය ප්‍රතිසංස්‌කරණ කටයුතු පමණක්‌ සිදු කර ගත යුතුව ඇත ( කලින් පැවති කාබූල් ලේස්‌ ව්‍යපෘතිය). මීට අමතරව ආයෝජන මණ්‌ඩලය විසින් අත්පත් කර ගන්නා ලද යෝජිත වාහන එකලස්‌ කිරීමේ කර්මාන්තශාලාව සඳහා ලබාදී ඇති කුලියාපිටියේ පිහිටි ඉඩම සම්පූර්ණ අයිතිය පැවරීමේ පදනම (Fරුeයදකා ඊasසි) මත ලබාදී ඇත. ආයෝජන මණ්‌ඩලය විසින් මේ හා සමානවම 2000 වර්ෂයේදී අත්සන් කරන ලද අදාළ ගිවිසුමේ අඩංගු අර්බුදකාරී තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා ‘මර්බොක්‌’ ආයතනය වෙත අක්‌කරයක්‌ සඳහා වසරකට ඇ. ඩො. 1 ක්‌ බැගින් අවුරුදු 99 ක්‌ සඳහා අක්‌කර 357 ක්‌ බදු පදනම යටතේ ලබාදී ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය, අභ්‍යන්තර මාර්ග, විදුලි ට්‍රාන්ස්‌පෝමර සඳහා වු වියදම් ඇතුළු ඉඩම සංවර්ධනය කිරීමේ සියලු වියදම් ආයෝජකයා විසින් දැරිය යුතු වේ. එබැවින් මෙම ව්‍යාපෘතිය, ඵAS ව්‍යාපෘතිය සඳහා සලකා බලන ලද පදනම යටතේම සලකා බැලිය යුතු වේ.

මෙම ආයෝජකයා විසින් 2016 මාර්තු මාසයේදී කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා ඉල්ලුම් කරන ලද අතර එම කාලයේදී ආයෝජකයන් හට අවුරුදු 12 ක බදු සහන සඳහා හිමිකම් දරන ලදී.

පළමුවෙන් ආයෝජන මණ්‌ඩලය මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා හොරණ පිහිටි පුද්ගලික ඉඩමක්‌ අත්පත් කරගැනීමට කටයුතු කරන ලද නමුත් අයිතිකරුවන්ගේ අකමැත්ත හේතුවෙන් 2016. 06. 02 දිනැති අංක ඵධෘSෂඔරැ3රැCAඊරැ16රැ8 දරණ කැබිනට්‌ පත්‍රිකාවට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද නිරීක්‌ෂණ මත එම ඉඩම අත්පත් කරගැනීම අත්හිටුවන ලෙස ආයෝජන මණ්‌ඩලය වෙත උපදෙස්‌ දෙන ලදී.

ඉඩම සපයාදීමේදී ආයෝජන මණ්‌ඩලයේ පාර්ශවයෙන් සිදුවු ප්‍රමාදය සඳහා ආයෝජකයා හට වන්දි ගෙවීමට සිදු වීම සාධාරණ නොවන බව අපගේ හැඟිමයි. ඒ අනුව මෙම තත්ත්වය පැහැදිලි කරමින් සහ හොරණ වගවත්තේ ඉඩමක්‌ හඳුනාගනිමින් කැබිනට්‌ පත්‍රිකාවක්‌ 2016.10.03 දින ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ආයෝජකයා විසින් ඉල්ලුම් කරන ලද කාලයේ පැවති බදු සහන ලබාදීම සඳහා කැබිනට්‌ මණ්‌ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

තවද, විවිධ රටවල ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී එක්‌ එක්‌ ව්‍යාපෘතියේ කැපී පෙනෙන ප්‍රධාන ලක්‌ෂණ, යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සහ අවශ්‍යකරණ ඉඩම් ප්‍රමාණය ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඉඩම් බදු දීම සහ යටිතල පහසුකම් ලබා දීම සඳහා එක්‌ එක්‌ ව්‍යාපෘතිය වෙන් වෙන් වශයෙන් සැලකීමේ පදනම මත විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබන බවද සඳහන් කරනු කැමැත්තෙමි. ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල අක්‌කරයක්‌ සඳහා වසරකට ඉන්දියානු රුපියල් 01 ක්‌ පමණක්‌ අයකරනු ලැබේ. ආයෝජන සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමේදී රටට ලැබෙන ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ සලකා බලා එම ව්‍යාපෘතිය අනුමත කිරීම මිස, ආයෝජකයන්ගේ දේශපාලන සම්බන්ධතා නොසලකන බවද වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි.

Related posts

විදේශ ආයෝජන ඩොලර් මිලියන 640 ක්‌ ඉවත් කරගෙන

colombotoday

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹේ

colombotoday

එන ඡන්දෙන් සිලින්ඩරය දිනනවා

Admin

රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

Admin

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday