දිඹුලාගල ආරාණ්‍ය සේනාසන ඉතිහාසයේ මුල් වරට මුස්ලිම් දරුවෙකු පැවිදි බිමට එක්වී තිබෙනවා.
ආරාණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් දන්වා සිටියේ මෙම දරුවාගේ මව විදේශගතව අතුරුදන්ව සිටින බවයි. හමීඩ් ඉස්මයිල් නමැති පියා විසින් මෙම දරුවා ආරණ්‍ය සේනාසනය වෙත ගෙනවිත් සසුන්ගත කර තිබෙනවා.
අවුරුදු 7ක් වයසැති ඉස්මයින් අස්ලමා නමැති එම දරුවා සසුන්ගත වූයේ රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර හිමි නමිනි.
දිඹුලාගල සේනාසනයේ මීට පෙර සිංහල ද්‍රවිඩ දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව ඇතත්, මුස්ලිම් දරුවෙකු සසුන්ගත වූයේ මුල් වරටය.