බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව පාදක කරගනිමින්, කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අද පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය කල්දැමීමට තීරණය කළහොත් ඊට එරෙහිව දැඩි විරෝධතා දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීම හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රාත්‍රිෙය්දී පැවැත්වුණු අවස්ථාවේදීයි මෙම තිරණය ගෙන තිබෙන්නේ.
පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.