Colombo Today Local News

ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් සිල් මෑණියෝ උපවාසයේ

වත්මන් රජයට ඉල්ලා අස්‌වන ලෙස බල කරමින් සිල් මෑණින් වහන්සේ නමක්‌ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස ඊයේ (22 දා) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක නිරතව සිටී.

සිංහලයාගේ සුරක්‍ෂිතතාව අහිමිකරගෙන යන වත්මන් රජය තවදුරටත් පැවතුණහොත් සිංහලයා තුරන්වී යනු ඇතැයි ස්‌වකීය නම් ගම් ආදී පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්‍ෂේප කරමින් තුරුණු වියේ පසුවන සිල් මෑණියෝ මාධ්‍යයට පැවැසූහ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ භාවනා කුටියක බවුන් වඩමින් සිටින තමා සිංහල රටේ සිංහලයාගේ අනාරක්‍ෂිත අනාගතය සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් තමන්ට සිදුවන විපතට වත්මන් රජය වගකිව යුතු බව සිංහලයාට අවබෝධ වී නැති බවත් මෑණියෝ පවසති.

සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි. ඔවුන් තමන්ගේ සිංහලකම ගැන හිතන්නේ නැහැ. ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි. මේ තත්ත්වයට වගකිව යුතු මේ රජය 2017.01.22 වැනිදායින් පසුව ඉල්ලා අස්‌විය යුතු යෑයි සිල් මෑණියෝ පැවැසූහ.

දිවයින

Related posts

“උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට අනාගමික කරන්න” – TNA

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

බදියුදීන්ට නැවතත් ඇමතිකම දීමේ සූදානමක්… රතන හිමියන්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

සති අන්තයේ දිවයින පුරා ඇදිරි නීතිය පැනවීමක් නැහැ

colombotoday

“බහුතරය මටයි.. අගමැති මමයි“ – රනිල් මෛත්‍රීට ලියයි

colombotoday

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

Admin