රට වටා

ගම්මන්පිලට දින 4 ක්‌ රට යන්න අධිකරණයෙන් අවසර

පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට දින හතරක කාලයක්‌ විදේශ ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (13දා) අවසර ලබා දුන්නේය.

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක්‌ උපයෝගී කරගනිමින් ඕස්‌ටේ්‍රලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස්‌ විකුණා රුපියල් මිලියන 20 ක මුදලක්‌ වංචා කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරු වන උදය ගම්මන්පිල මහතාට ලබන 26 වැනිදා සිට 29 වැනිදා දක්‌වා පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ක්‌වේට්‌ රාජ්‍යය බලායැමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය.

අධිකරණය භාරයේ ඇති විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය විත්තිකරු වෙත තාවකාලිකව මුදාහැරීමට ද එහිදී නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා යළි ලංකාවට පැමිණි වහාම විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.

නීතිඥ තුෂාර දිසානායක මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

Related posts

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

FCIDයට අලුත් ලොක්කෙක්

colombotoday

මහින්දගේ ආරක්ෂක පෙර ගමන් රථයක් අනතුරට ලක් වෙයි

colombotoday

ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්

colombotoday

ක්‍රීඩාවෙන් ජාතික තලයට ගිය වයඹ පළාත වර්තමානයේ පසුබැහැලා – පාලිත රංගේබණ්ඩාර

colombotoday

රත්තරන් මැරූ කොස් මල්ලි 16 තෙක් රිමාන්ඩ්

colombotoday