Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කළකිරීමෙන්.. ඉවත්වෙන්න සූදානම් !

මන්ත්‍රීවරුන්ට විශේෂ දීමනා දෙමින් වර්තමාන ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ තුළ රටේ සාමාන්‍ය ජනතා තවදුරටත් අන්ත අසරණභාවයට පත්වෙන බවත් එම නිසා වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රය පිළිබඳ තමා තුළ පවතින කලකිරීම එන්න එන්නම වැඩි වන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

මේ හේතුවෙන් මන්ත්‍රී ධුරය දැරීම පිළිබඳ ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

තමන් වැටුපෙන් ජීවත් නොවන බවත් තමාගේ වැටුප ශිෂ්‍යත්ව කීපයකට යොදවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“දේශපාලනයෙන් මම හොයාගත්තු දෙයක් නැහැ. මගේ පියාත් එහෙමයි. පියා මට දීපු අවවාදය තමයි දේශපාලනය තෝරාගන්නව නම් පරිත්‍යාගයටත් පරාජය භාර ගැනීමටත් සූදානම් විය යුතුයි කියන එක. අර පැත්තට මේ පැත්තට පැන පැන බල ‍පොරයට එකතු වෙන්න මං කැමති නැහැ. මං හිතන්නෙ වඩාම හොඳ පියවර නිහඬව පැත්තකට වෙලා ඉන්න එක කියන එකයි.” යැයිද විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසී ය.

Related posts

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරීමට උපදෙස් දුන්නා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යයි

colombotoday

එජාප කොළඹ බලකොටුව අවධානමේ… රෝසිට ගෙදර යන්න වෙන ලකුණු !

colombotoday

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

colombotoday

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

colombotoday

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන ලොක්කාගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

Admin