Colombo Today Local News

යුරෝපීය වාහන එකලස් කරන්න කුලියාපිටිය සූදානම්.. කම්හලට අද මුල්ගල තැබෙයි

කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී මෙම මෝටර් රථ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව ඉදි කරනු ලබයි.

අක්කර පනහක පමණ භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකින් මෙම මෝටර් රථ කර්මාන්ත ශාලාව ආරම්භ වනවා.

වෙස්ටර්න් ඔටෝමෝබයිල් ඇසම්බ්ලි ප්‍රයිවෙට් ලිමිටඩ් යනුවෙන් මේ දේශීය සමාගම ආරම්භ වන අතර වොක්ස්වාගන් පමණක් නොව රෙනෝල්ට්, අවුඩි ඇතුළු යුරෝපයේ නිෂ්පාදනය කෙරෙන වාහන වර්ග රැසක් එකලස් කිරීම මෙහිදී සිදු වනවා.

Related posts

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

colombotoday

ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කරයි.

colombotoday

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

තම දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු අත්අඩංගුවට | දෙදෙනා ගැබ් ගෙන

colombotoday

බදු වැඩි කිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday