Colombo Today Local News

විල්පත්තුවේ ජාතිවාදී ජනපදකරණයට වන රක්ෂිත ඉඩම් පවරාගත් හැටි මෙන්න !

ඇමති රිෂාර්ඩ් බදුර්දීන් විසින් විල්පත්තුව වැනසීමට ලබාගත් ලිපිය සහ එම ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් ඉඩම් 2012.03.06 වැනි දින ඉඩම්වි කොමසාරිස්වරයා විසින් යැවූ ලිපිය පහත දැක්වේ.

අවතැන් වූවන් පදිංචි කරන මුවාවෙන් බදුර්දීන් ඇමතිවරයා විසින් “නැවත පදිංචි කිරීම් සංවර්ධන හා ආරක්ෂාව පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකාය“ හරහා ජනපදකරණය සදහා රජයේ රක්ෂිත ඉඩම් අක්කර 850ක් නිදහස් කරන ලෙස එමගින් ඉල්ලා ඇත.

ජනාධිපති කාර්යසාධක බලකායක් හෝ වෙන මොන යම් ආයතනයක් හරහා හෝ වන රක්ෂිත භූමියක් ලෙස නම් කරන ලද රටේ පොදු සම්පත් නිදහස් කළ නොහැකි. රිෂාඩ් බදුර්දීන් විසින් විල්පත්තුවේ සිදුකරන ලද වන විනාශය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කරන්නේ මෙම පළමු ලිපියයි. රාජ්‍යයේ දේපලක් වන ගැසට් කරන ලද මෙම රක්ෂිත වනාන්තර නිදහස් කරන්නේ නම් එය කල යුත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සමග තවත් ගැසට් පත්‍රයකිනි.

මෙලෙස නීත්‍යානුකූල නොවන ලෙස අත්පත් කරගත් වන රක්ෂිත ඉඩම් වලින් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් විනාශ කර ඇත. පසුගිය කාලය පුරා උද්ගතවූ දැඩි විරෝධයත් සමග විල්පත්තු වන විනාශය වත්මන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී ඇති අතර, විල්පත්තු රක්ෂිතය සහ ආශ්‍රිත සියලුම වනාන්තර එකම වනජීවි කලාපයක් ලෙස ගැසට් කරන ලෙස ඔහු අදාළ බලධාරීන්ට නියෝග කර තිබේ. කෙසේ වෙතත් ජනපති නියෝග සුපුරුදු පරිදි ප්‍රකාශවලට පමණක් සීමා නොවී වහා ක්‍රියාත්මක කළ යුතු ව තිබෙන අතර රක්ෂිත භූමියේ ඉදිකර ඇති නිවාස ඇතුළු සියළු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කර දූෂිත ඇමතිවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවටද පරිසර සංවිධාන ඉල්ලා සිටී.

විල්පත්තු රක්ෂිත ප්‍රේරක කළාපයේ වනාන්තරය එළිකර ඉදිකර ඇති ජනපද – ගූගල් සිතියම

කටාර් රාජ්‍යයේ “ෂෙයික් හමාඩ් බින් පදනම“ නමැති සංවිධනායේ මූල්‍ය ආධාරයෙන් විල්පත්තු රක්ෂිතය දෙපළු කර ඉදිකළ මුස්ලිම් ජනපද

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1357770360949885/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොලිස් ඇමතිට අපහාස කල දුමින්ද නාගමුව ට CIDයෙන් කැඳවීමක්

Admin

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ‍්‍රාමිකයින් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

අක්ෂි සැත්කමෙන් පසු පේන ඇස් අන්ධ කළ බෙහෙත ගැන ජනපති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

කරන්දෙණිය දිසා රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අද සිට

colombotoday

අයථා ලෙස කෝටි ගණනින් මුදල් ඉපැයූ රාජ්‍ය නිලධාරීන් 18ක්

colombotoday

මොරගහකන්ද මහින්ද චින්තන ව්‍යාපෘතියක්.. මෛත්‍රීත් බොහෝ මහන්සි වුණා – හිටපු ජනපති

colombotoday