Colombo Today Local News

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී


දකුණේ සිට උතුරට මින් පසු බෝතල් කළ රා ප්‍රවාහනය කිරීම හා උතුරු පළාත තුළ විකිණීම තහනම් කෙරෙන යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මතකොටගෙන ඇත.

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්කරනේසන් විසින් මෙම යෝජනාව පළාත් සභවාට ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ උතුරේ කාලාන්තරයක් සිට කෙරෙන රා මැදීමේ වෘත්තියට දකුණේ සිට පැමිණෙන බෝතල් කළ රා බාධාවක් වී ඇති බවයි.

දකුණේ සිට ගෙන එනු ලබන බෝතල් රා වල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය අන්තර්ගතව තිබීම හේතුවෙන් ගතවූ කාලයේ එම රා පානය කළ පිරිස විවිධ අසාත්මික තාවයන්ට ගොදුරු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

උතුරු පළාත තුළ ස්වභාවික රා තොග ප්‍රමාණවත් පරිදි ඇති බැවින් දකුණේ සිට උතුරට ප්‍රවාහනය කෙරෙන රා වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව අමාත්‍යවරයා පවසා ඇති අතර මේ පිළිබදව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කොට හැකි ඉක්මනින් බෝතල් කළ රා උතුරට රැගෙන ඒම අත්හිටුවන ලෙස ඔහු සභාවට දැණුම්දී තිබේ.

Related posts

රට යන්නේ ආපස්සටයි

Admin

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

Admin

ෆෙඩරල් යෝජනාව ගැන ආණ්‌ඩුව නිහඬ එය පිළිගන්නා නිසාද?

colombotoday

කොරෝනා මරණ තහවුරු කර වාර්තා කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

අලුත්ම නීතියක් පාර්ලිමේන්තුවේදී සම්මතයි.. ”හැප්පුණොත් ඔන් ද ස්පොට්” ඉන්දියන් කාර් එක මෙරට වෙළදපොලට

colombotoday

කඳින් වෙන්කළ හිසක් පමුණුගම වෙරළේ

Admin