Colombo Today Local News

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා වන ව්‍යවස්‌ථාදායක අනුකමිටුවේ නිර්දේශ පිළිනොගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත. මේ බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත පිරිසක්‌ සමඟ 22 වැනිදා පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම ප්‍රකාශ කර තිබේ.

මෙතෙක්‌ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්වුවද ව්‍යවස්‌ථාදායක අනුකමිටුව මගින් එය එක්‌සත් රාජ්‍යයක්‌ ලෙස නම් කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් එමගින් රට විනාශකාරී තැනකට තල්ලු විය හැකි බවත් ගෝලීය සංසදය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ ලෙස නම් කර, පොලිස්‌, ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදීමෙන් රට කැබැලිවලට කැඩී යැමේ අවදානමක්‌ පවතින බව එම සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පෙන්වා දී තිබේ.

මෙම අනුකමිටු නිර්දේශ සම්බන්ධයෙන් තම නියෝජිතයන් ජනාධිපතිගෙන් දීර්ඝ වශයෙන් විමසූ අවස්‌ථාවේ මේ බව පැවසූ බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම්බන්ධීකාරක නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා පැවසීය.

මේ සම්බන්ධව කරුණු දක්‌වමින් ශ්‍රීලනිපය ද මෙම නිර්දේශ ප්‍රතික්‍ෂේප කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. එසේම මෙම ව්‍යවස්‌ථා අනුකමිටු නිර්දේශ පාර්ලිමේන්තුව වෙත යොමුකිරීමට ක්‍රියා නොකරන බව ද ජනාධිපති සිරිසේන මහතා පැවසුවේ යෑයි බෙල්ලන්තුඩාව මහතා කීය.

මෙම ව්‍යවස්‌ථාදායක අනුකමිටු නිර්දේශ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් සහ ජවිපෙ සමඟ ද සාකච්ඡා කිරීමට ක්‍රියා කරන බව ද ඒ මහතා කියා සිටියේය.

දිවයින

Related posts

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

ඇතැම් විමර්ශනවලට දේශපාලන බලපෑම් එල්ලවූ බව හිටපු පොලිස්පති කියයි

colombotoday

පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක්… අනියම් සහ ආදේශක සේවකයින්ට කඩිනමින් පත්වීම්..

Admin

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

Admin

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

colombotoday