Colombo Today Local News

ත්‍රී.මලේ කොටසක් ඉන්දියාවට.. ඉන්දීය අවසර නැතිව ඇතුල්වීම තහනම් වේ

ත්‍රිකුණාමල චීන වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයෙන් තෙල් ටැංකි 84 ක් බදු ලබාගත් බව සඳහන් කරන ඉන්දීය සමාගම මේ වනවිට ලංකා රජයේ කිසිවෙකුටත් එම පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලබානොදෙන තහනම් කලාපයක් බවට පත්කර ඇතැයි ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි.

2003 වසරේ ඇති කරගත් ගිවිසුමට අනුව මාස 06 ක් ඇතුළත එළඹීමට තිබූ බදු ගිවිසුම ක්‍රියාත්මක නොවූ නිසා ඉන්දීය සමාගමට එම භූමියේ පිහිටි කිසිදු තෙල් ටැංකියක් පරිහරණය කළ නොහැකි බවද එම සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කළේය.

මේ ආකාරයට නීති විරෝධී ආකාරයට පරිහරණය කරන තෙල් ටැංකිවලට අමතරව තවත් තෙල් ටැංකි 16 ක් පවතින බවත්, එම තෙල් ටැංකි භාවිත කිරීමට ලංකා රජය කැබිනට් පත්‍රිකාවක්ද අනුමත කරගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

එම කැබිනට් පත්‍රිකාවට අනුව අදාළ කටයුතු සිදුකිරීමට චීන වරායේ තෙල් ටැංකි පරිශ්‍රයට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට අදාළ සමාගමේ නිලධාරීන් විසින් තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළුවීමට ඉඩ ලබා දී නැතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඉන්දීය රජයේ නියෝගයකින් තොරව මෙම පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබානොදෙන බවට සමාගමේ බලධාරීන් පවසා තිබෙන බවත්, මෙය ඉතාමත් බරපතළ තත්ත්වයක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ නිසා නීතිවිරෝධී ආකාරයට භාවිත කරන තෙල් ටැංකි සියල්ලම රජය යටතට ගෙන ඉන්දීය සමාගමට තෙල් ටැංකි අවශ්‍ය නම් එය විධිමත් ක්‍රමවේදයක් මත පවරාදෙන ලෙසද එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

Related posts

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.. ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි

colombotoday

ඇමැති චන්න ජයසුමන පැවරූ අපහාස නඩුවට වෙනස්ම තීන්දුවක්. අසේල සම්පත්ට ගාස්තු ගෙවන්න නියම වෙයි. අතුරු තහනම ඉවතට..

colombotoday

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday

අපේ සීමාව ඉක්මවලා ඉවරයි.. වහාම මැදිහත් වෙන්න – සම්බන්ධන් දකුණු අප්‍රිකාවෙන් ඉල්ලයි

colombotoday

අන්තවාදීන් පොලු මුගුරුවලින් පහර දුන්නා.. ආක්‍රමණය දරුණුයි, නායකයන්ට කීවත් වැඩක් වුණේ නෑ – අරිසිමලේ නාහිමි

colombotoday

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත්… – ඊයේ වැය ශීර්ෂ ඡන්ද විමසිමකින් තොරව සම්මතයි

Admin