Colombo Today Local News

බන්දුලගෙන් රවීට අභියෝගයක් !

මුදල් ඇමැතිවරයා චෝදනා කරන පරිදි රු. කෝටි 1300 ක අතිවිශාල මුදලක්‌ ජනාධිපති වරණයට පෙර මහ බැංකුවෙන් හොරෙන් පිටකර ඇත්නම් එය ඔප්පු කරන ලෙස තමා ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මුදල් ඇමැතිවරයාට අභියෝග කරන බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ඒ සඳහා හැකිනම් ඕනෑම ජනමාධ්‍යයක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසත් ඔහු එහිදී අදහස් දැක්වීය.

“රු. කෝටි 1300 ක්‌ වටිනා මුදල් නෝට්‌ටු නීත්‍යානුකූල නොවන ආකාරයට පිටවී ඇති බව මුදල් ඇමැති කියනවා නම් ඒ මුදල් නෝට්‌ටු දැන් වෙළෙඳ පොළේ තියෙනව නම් එවැනි නෝට්‌ටුවක්‌ ළඟ තබා ගත් කෙනා පවා ඇප නැතිව බන්ධනාගාර ගත කිරීමට ලක්‌වෙන්න පුළුවන්. මේක දැවැන්ත ප්‍රශ්නයක්‌. රටක මුදල් නෝට්‌ටුවට අත්සන් තබන මුදල් විෂය භාර ඇමැතිවරයාම ඒ රටේ ව්‍යවහාරයේ පවතින රු. කෝටි 1300 ක්‌ වටිනා මුදල් නෝට්‌ටු ප්‍රමාණයක්‌ දේශපාලන බලය මත හොරෙන් මහ බැංකුවෙන් පිටකරනව කියන චෝදනාව කරවනම් ඒක තමයි රටක කරන්න පුළුවන් ඉහළම චෝදනාව. මෙහෙම මුදල් ඇමැතිවරයාම කියන කොට අපේ මුදල් නෝට්‌ටු ජාත්‍යන්තර වශයෙන්වත් පිළිගන්න එකක්‌ නෑ. ලෝකේ මුදල් නෝට්‌ටු හුවමාරුව සිදුවන්නේ විශ්වසනීය භාවය මත” යැයි හෙතෙම වැඩි දුරටත් පැවසීය.

Related posts

මව්බිමේ දරුවන් වෙනුවෙන් වූහාන් මරු කටට ගිය ගුවන් විරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හරසර !

colombotoday

යහපාලන ආණ්‌ඩුව මේ වන විට හිමිවරුන් 48 නමක්‌ අත්අඩංගුවට අරන්!

colombotoday

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

colombotoday

මරා දැමුවයි කී එක්නැලිගොඩ ජීවතුන් අතර! ව්‍යාජ ගමන් බලපත්‍රයකින් යුරෝපයට පලා ගිය බවට තොරතුරු

colombotoday

ආණ්ඩුවට මෙතරම් බලය දීලා තියෙන්නේ ජනතාවගේ මනස විකෘති නිසා

colombotoday

විදේශීය සමාගම් තුනට අනුමත මිලට වඩා අඩුවෙන් තෙල් විකුණන්න අවසර

Admin