Colombo Today Local News

මාළිගාවත්තේ පාසලකට මැදපෙරදිග රටකින් කෝටි 25ක්.. සල්ලිවලට වෙච්ච දෙයක් නැතිලු !

මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි දාරුස්ලාම් විද්‍යාලය සංවර්ධනයට යැයි පවසමින් මැදපෙරදිග රටකින් ශ්‍රී ලංකා රුපියල් කෝටි 25ක මුදලක් එවා ඇතිබවට තොරතුරු අනාවරණය වනවා.

මෙරට සුප්‍රකට නිමි ඇදුම් ව්‍යාපාරයක් වන ‘හමීඩියා‘ ආයතනයේ මැදිහත්වීම මත මෙම මුදල මෙරටට ගෙන්වාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එම මුදල්වලට සිදුවූයේ කුමක්දැයි හෙළි වී නැහැ. අදාළ විදුහලේද කිසිදු සංවර්ධන කටයුත්තක් මේ වනතුරුත් ආරම්භ වී නොමැති අතර, පර්චස් 80ක තරම් කුඩා ඉඩකඩක පිහිටි කුඩා පාසලක් සංවර්ධනයට යැයි පවසමින් මෙතරම් විශාල මුදලක් ලැබීම ගැටළුසහගතය.

විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා මැදපෙරදිග රටවල ආධාර ඇතිව මෙරට තුළ ඉස්ලාමීය මූලධර්මවාදය ප්‍රචලිත කෙරෙමින් පවතින බව රහසක් නොවන අතර, මැදපෙරදිග රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයන් හරහා මෙරට තුළ ක්‍රියාත්මක වන ඉස්ලාමීය ජාත්‍යන්තර පාසල් තුළ මූලධර්මවාදී ඉගැන්වීම් සිදුකෙරන බව අධිකරණ ඇමතිවරයාද පසුගියදා පාර්ළිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම ISI ත්‍රස්ත ජාලයට සම්බන්ධ පුද්ගලයන් මෙරට තුළද ක්‍රියාත්මක වන බව රාජ්‍ය බුද්ධි සේවා මෙන්ම කලාපීය රටවල් බුද්ධි අංශ විසින්ද අවස්ථා කිහිපයකදී හෙළිදරව් කර තිබිණි. ජර්මනිය තුළ ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සදහා සෞදි අරාබිය සෘජුවම අරමුදල් සපයන බවට ජර්මානු රජය නිළ වශයෙන් පසුගිය සතියේ ප්‍රකාශ කර තිබිණි. ගෝලීය ඉස්ලාම් ව්‍යාප්තවාදය සහ ත්‍රස්තවාදය සදහා සෘජුවම අරමුදල් සැපයෙන්නේ මැදපෙරදිග රටවලින් වන බවද නොරහසකි.

එවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය නොවන සංවිධාන හා ව්‍යාපාරික ආයතන හරහා සංවර්ධන ව්‍යාපෘති හා පුණ්‍ය කටයුතු නමින් අරාබි රටවලින් මෙරටට ලැබෙන මුදල් පිළිබදව වගකිවයුතු පාර්ශව නියාමනය කළ යුතුව ඇති අතර, ඉහත සදහන් පාසල සංවර්ධනයට යැයි පවසමින් මෙරටට ආ අතිවිශාල මුදලට සිදුවූයේ කුමක්ද, එම මුදල් මෙරටට එවූ පදනම කුමක්දැයි වහා සොයාබැලිය යුතුය.

Related posts

බැඳුම්කර ටෙලි නාට්‍ය පෙන්වන්නේ පොහොර හිඟය වසාගන්න – රන්ජිත් විතානගේ

colombotoday

දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday

හලාල් මුදල් උලමා හරහා ISIS ත්‍රස්තයින්ට.. සිරියාවේදී මියගිය ලාංකික ත්‍රස්තයාට උලමා මාසික වැටුපකුත් දීලා !

colombotoday

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

colombotoday

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday