Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීවරු 21කගේ අත්සනින් භික්ෂූන්වහන්සේ සහ සංවිධානවලට එරෙහිව ජනපතිට ලිපියක්

jnpt123බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය, සිංහලේ ඇතුළු සිංහල බෞද්ධ සංවිධාන සහ එහි ක්‍රියාකාරී භික්ෂූන්වහන්සේලාට එරෙහිව මුස්ලිම් මැති ඇමතිවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

එම සංවිධාන සහ භික්ෂූන් වහන්සේ ඉස්ලාම් ආගමට සහ මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් මුස්ලිම් විරෝධී අදහස් ප්‍රකාශ කරන බවයි එමගින් දන්වා ඇත්තේ. මුස්ලිම් ආගමිකයන් විශ්වාස කරන අල්ලා දෙවියන්ට අපහාස වන පරිදි බොදු බල සේනා සංවිධානය සහ එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදහස් ප්‍රකාශ කර ඇති බවත්, ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනපතිවරයාට එමගින් දන්වා ඇත.

මෙම ලිපියට මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබා ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඒ අතර වේ.

leta-01let2

Related posts

මහනුවර නගරයේ මුස්ලිම් පාසල් ඉදිකරන්නේ නෑ….

colombotoday

ලක්මව රනින් සැරසූ තරුෂිට ජනපතිගෙන් සුබ පැතුම්

Admin

උසස් පෙළ ප්‍රතිඵල ගැන බන්ධුලට ගැටළුවක්… කුමන්ත්‍රණයක් ගැනත් කියයි…

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday

තල්දූවේදී දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාල පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

Admin

“ණය ගෙවන්න සල්ලි නෑ.. හම්බන්තොට වරායෙන් 80% චීනයට දෙනවා“ – මුදල් ඇමති

colombotoday