Colombo Today Local News

“අවසන් දිනය අදයි.. සේවයට නාවොත් වරායට නව සේවකයන්“ – වරාය ඇමති දන්වයි

hambantota-arjuna

 

මාගම්පුර වරාය කළමනාකරණ සමාගමේ සියලුම සේවකයන් අද (15 වැනිදා) පස්‌වරු 2.00 ට පෙර රාජකාරි සඳහා වාර්තා කළ යුතු බව එම සමාගම සියලු සේවකයන්ට දන්වා සිටී. එසේ වාර්තා නොකරන සේවකයන් ස්‌වෙච්ඡාවෙන්ම සේවය අත්හැර ගියා සේ සලකා කටයුතු කරන බවද එම සමාගම පවසයි.මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්‌ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (14 වැනිදා) පැවැත්විණි. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය.

හම්බන්තොට වරායේ සේවය කරන්නේ මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගමේ සේවකයන්, පසුගිය දින කිහිපයේ එම වරායේ සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා මේ වන විට මූල්‍යමය වශයෙන් දැඩි හානියක්‌ අපට සිදුව තිබෙනවා. මේ නිසා අද හම්බන්තොට වරාය අවදානම් වරායක්‌ ලෙස ලෝක ප්‍රජාව හඳුනා ගනිමින් සිටිනවා. එය රටක්‌ වශයෙන් හොඳ නැහැ. අද සේවයට වාර්තා නොකරන අය වෙනුවෙන් හම්බන්තොට මිරිඡ්ජවිල ගමෙන්ම අලුතින් අය බඳවා ගැනීමට අපි අපේක්‍ෂා කරනවා. ඒ වගේම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා”

Related posts

ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට

Admin

හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

colombotoday

UN ජාත්‍යන්තර යුද අධිකරණ – රෝම සම්මුතියට අත්සන් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

විමල්ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

කිරි කැටියා බිහි කල කොවිඩ් ආසාදිත මව දිවියට සමුදෙයි

colombotoday

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday